ව්ලැඩිමීර් පුටින් සහ  කොරියානු නායක කිම් හමුවකට සැලසුමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එක්සත් ජනපද නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , මෙම මස තුළ  රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්,  උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන්  හමුවීමට රුසියාවට යාමට සැළසුම් කර ඇති බවයි. 

එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ, යුක්‍රේනයේ පවතින යුද්ධයට සහාය වීම සඳහා උතුරු කොරියාවෙන් මොස්කව් වෙත ආයුධ සැපයීමේ හැකියාව පිළිබඳව නායකයින් දෙදෙනා සාකච්ඡා කරනු ඇති බවත් , සැළසුම් කර ඇති මෙම රැස්වීම පැවැත්වෙන නිශ්චිත ස්ථානය පිළිබඳව පැහැදිලි නැති බවද සඳහන්.

උතුරු කොරියාවෙන් හෝ රුසියාවෙන් මේ පිළිබඳව තවමත් අදහස් දැක්වීමක්ද සිදු කර නැති අතර උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් බොහෝ දුරට සන්නද්ධ දුම්රියෙන් ගමන් කිරීමට ඉඩ ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද,  එක්සත් ජනපදය අනතුරු අඟවා ඇත්තේ
උතුරු කොරියාව රුසියාවට ආයුධ, සැපයුවහොත් සම්බාධක පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගන්නා බවටයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...