රජ මැදුරට ගිය කොවිඩ්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  කොවිඩ් සඳහා වූ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව , එක්සත් ජනපද ජනාධිපති ආර්යා ජිල් බයිඩන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. නමුත් ඇගේ කාර්යාලය විසින්  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ , ජිල් බයිඩන්ට මෘදු රෝග ලක්ෂණ පමණක් ඇති බවයි.

72 හැවිරිදි ජනාධිපති ආර්යාව Delaware ප්‍රදේශයේ Rehoboth Beach හි පිහිටි නිවසේ රැඳී සිටින බවත් , ජිල් බයිඩන් අවසන් වරට කොවිඩ් සඳහා පරීක්‍ෂා කළේ වසරකට පෙරදී බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මේ අතර ධවල මන්දිරය ප්‍රකාශ කර තිබෙන්නේ ජනාධිපති ජෝ බයිඩන්ට සිදු කළ පරීක්ෂණයෙන් වෛරසය ආසාදනය වී නොමැති බවත්, 80 හැවිරිදි ජනාධිපති ජෝ බයිඩන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පරීක්ෂණ සිදුකරමින් සිටින අතර රෝග ලක්ෂණ පිළිබඳව නිරීක්ෂණය කරන බවද ධවල මන්දිරය පවසා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...