*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

ක්‍රීඩා දේශපාලනය සහ රාජ්‍ය දේශපාලනය

ශ්‍රී ලංකාවට මේ මොහොත අතිශයින් වැදගත්ය.ක්‍රීඩාව සහ දේශපාලනය සම්බන්ධයෙන් නොපෙනෙන ඉර හඳුනා ගැනීමට මෙය හොඳම අවස්ථාවක්ය.ඒ ආසියානු ක්‍රීඩා උළෙලට මුහුණ දෙන්නට සූදානමින් සිටින බැවින්ය.
රාජ්‍ය දේශපාලනය මෙන්ම ජාත්‍යන්තරව හොද හිත පවත්වා ගැනීමේ දී රටකට එ රටේ ඔලිම්පික් කමිටුවක් හරහා එකතුවන දේ ද බොහෝය.එය සමහර විට රාජ්‍යයේ දේශපාලන නියෝජිතයන්ට එරට ක්‍රීඩාව වෙනුවෙන් ලබා දිය නොහැකි අන්දමේ ජයග්‍රහණය.ඒ නිසාම බොහෝ දියුණු ක්‍රීඩා සංස්කෘතීන් සහිත රාජ්‍යන් හී දේශපාලන අධිකාරිය ක්‍රීඩාව සමඟ හැසිරෙන්නේ සහයෝගී මිත්‍රයෙක් ආකාරයටය.ක්‍රීඩාවට රාජ්‍යමය වශයෙන් උපකාර අවශ්‍යය මොහොත තෙක් ඔවුන් කරන්නේ ක්‍රීඩාවේ තීන්දු තීරණ සමඟ ගමන් කිරීමට ක්‍රීඩාවට පහසුකම් සැපයීමය.
ආසියානු ක්‍රීඩා උළෙල අවස්ථාවේ දැවන්ත දේශපාලන මැදිහත්වීමක් සියලු කේෂ්ත්‍ර පුරා විසුරුවා බැඳ දමා තිබෙන චීනය වුව,ඔවුන්ගේ ජව සම්පන්න මානව සම්පත් දේශයේ කීර්තිය වෙනුවෙන් මෙහෙයවන ක්‍රීඩා පාලකයන්ට රටේ කීර්තිය වෙනුවෙන් වැඩ කරන්නට අවශ්‍යය නිදහස දී ඇති බව දැකිය හැකිය.මේ නිදහස රටේ උන්නතියට සහ ජගත් කීර්කිය රටට උපයා දීමට යොදා ගැනීමේදී අවංක වන ප්‍රමාණය ගැන විශ්වාසයක් ගොඩ නැගී ඇති අතර චීනය සිය රටේ බීජිං නුවර පැවති ඔලිම්පික් පදක්කම් සටහනෙන් චීන රජයට පෙන්වා දුන්නේ තමන් ක්‍රීඩාව පරිපාලනමය වශයෙන් මෙන්ම පිටියේ භාවිතය අතින්ද රටට පලදායී මෙහෙවරක් කරන බවය.
මේ තත්ත්වය දකුණු ආසියාතික දේශපාලනය සෑම දෙයක් සමඟම මිශ්‍රව පැවතීම නිසා යම් කිසි අපිළිවෙලක් ගෙන තිබෙන බව පැහැදිළිය.

විශේෂයෙන් නූතණ ක්‍රීඩාව සහ රාජ්‍ය දේශපාලනය අතර තිබෙන දියුණු සංස්කෘතියට පිටින් යමින් ශ්‍රී ලංකාව තුළ දී තවමත් සිදුවෙමින් පවතින්නේ ක්‍රීඩාව තව දුරටත් නිදහසේ හැසිරිය නොහැකි ආකාරයට රාජ්‍ය දේශපාලනය සමඟ සම්බන්ධ කරන අමාත්‍යංශයේ සහ අමාත්‍යංවරයාගේ ආධිපත්‍යය යටතේ බැඳ තැබීමය.ක්‍රීඩා පණත යටතේ ගනු ලබන උත්සාහයන් ද එබඳුය.එයට එක හේතුවක් වන්නේ ප්‍රභූවරයෙක් වන්නට දේශාපාලකයෙක් වන තෙක් එවැනි ප්‍රභූත්වයට සුදුසු දැණුම් මට්ටම් සහ ගුණයන් වර්ධනය කර ගන්නට අසමත් දේශපාලකයන් අතට ක්‍රීඩාවේ පරිපාලනය පත්වීම වන්නට ද පුළුවන්ය.


කිසිඳු විෂයක ප්‍රවීනත්වය වෙනුවට ඡන්දය පමණක් ලබා ගත හැකි මාර්ගවලින් පොහොසත් මිනිස්සු ලංකාවේ දේශපාලනයේ ඉහළට පැමිණීම සාමාන්‍ය ලක්ෂණයක් වේ.නැත්නම් එවැනි පවුල්වල උරුමය දේශපාලන නායකයෙක් වන්නට සුදුසුකමක් වීම,පවුලේ දේශපාලනය හරහා සකස් කර ගන්නා ව්‍යහුය ඇතුළත බලහත්කාරයෙන් අත්පත් කරගන්නා වටිනාකම් ශ්‍රී ලංකාව වැනි පොළවක සාමාන්‍ය තත්ත්වයක්ය.ඉන අනතුරුව වන්නේ ප්‍රායෝගිකව නැති විෂය දැනුමක් විෂය ප්‍රවීනයන් හැසිරවීමේ බලය දේශපාලකයා අතට පත්වීමය.එවිට නිවැරදි පුද්ගලයා වෙනුවට තමන්ට සමීපව කේලම් කියන,තමන් ගැන ගැණ ගයා වන්දිභට්ටකම් කරන පිරිසක් දේශපාලකයාව මෙහෙයවන්නට පටන් ගන්නේය.
ලංකාවේ ක්‍රීඩාවේ ඛේදවාචකයේ ප්‍රධානම තැනක් වන්නේ මේ ආකාරයට බර දැනුම වෙනුවට හිස් බව චලනය වීමය.තමන්ට සියල්ල හැකි බව පෙන්නන සහ නිවැරදි බව කියන මිනිසුන් ඒ හරහා දේශපාලකයාට ඇති බල පරාක්‍රමය හරහා තමන්ගේ පටු අරමුණු සාක්ෂාත් කර ගන්නා අතර ක්‍රීඩාව නොව දකින්නට ඇති සෑම විෂයයකම කඩා වැටීම ඇරඹෙන්නේ මෙතැනින්ය.
රාජ්‍යයක් හැටියට ප්‍රධාන වශයෙන් රාජ්‍යයේ ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනයට සහ ක්‍රීඩාවේ සංවර්ධනයට පාදක වන ක්‍රියාකාරකම් සහිත ජාතික සැළසුම් විෂය ප්‍රවීනයන් හරහා සකසා ක්‍රිඩා සංගම්වලට නිදහස දී ඒවා ක්‍රියාත්මක කරවීම සහ ක්‍රීඩා සංගම් සහ සම්මේලන එහි සිටින විෂය ප්‍රවීනයන් සමඟ සකස් කර දෙන සැළසුම් ජාතික වශයෙන් ක්‍රියාත්මක කිරීමට අවසර දීම ක්‍රීඩා අමාත්‍යංශය කළ යුතුය.නමුත් පළමු කාරණයද බලාපොරොත්තු මට්ටමෙන් සිඳු නොවන අතර යම් ක්‍රීඩා පරිපාලනයක් එවැනි සැළසුමකට ප්‍රවේශ වුවහොත් එවැනිම සැළසුමක් කර ක්‍රීඩා අමාත්‍යංශය ද එය වෙනම ක්‍රියාවට නංවන්නට උත්සාහ කරන්නේය.
මේවැනි තත්ත්වයක රටක අමාත්‍යංශය පොලිස් කාරයා නොවී මිත්‍රයාව එකට වැඩ කරන්නේනම් ශක්තීන් දෙකක් එකට එකතු වන බව අපේ විශ්වාසය වන්නේය.එකට සැළසුම් ජාත්‍යන්තර උලකාර අනුග්‍රහ වෙනුවෙන් පෙනී සිටීම් ඇති කිරීම් සිඳු කළ හැකිය.ශ්‍රී ලංකාව වැනි රටකට මේ තත්ත්වය අතිශයින් වැදගත්ය.මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා කණ්ඩායමේ පිරිසක් මෙන්ම ඔරු පැදීමේ කණ්ඩායමේ පිරිසක් ද මේ වන විටත් සිටින්නේ චීනයේ පුහුණුවකය.ඒ දෙරට ඔලිම්පික් කමිටු අතර සිඳු වූ සාකච්ඡාවන් හී ප්‍රතිපලයක්ය.


වසර දෙකක පමණ සිට බොහෝ විට සංචාරයට එවන ක්‍රීඩා කණ්ඩායම්වල නම් කපා දැමීමට අමාත්‍යවරයා පත් කර සිටින ජාතික ක්‍රීඩා සභාව කටයුතු කර අවශ්‍යය ඉදිරි කටයුතු සඳහා අමාත්‍යවරයාගේ අත්සන ලබා ගැනීමට සීමා වී ඇති ක්‍රිඩා අමාත්‍යවරයාගේ සහ අමාත්‍යංශයේ හැකියාව අපට පැහැදිළිය.බොහෝ ක්‍රීඩාවන් සහ එම ක්‍රීඩාවන්ගේ සංචාර සම්බන්ධයෙන් සිඳු වූයේ එයය.නැතිනම් අර මුලින් කී සමීප වන්දිභට්ටයාගේ පෞද්ගලික අසාර්ථකභාවයන් පියවා ගැනීමට අමාත්‍යවරයාට අං සවි කිරීම නිසා ජාත්‍යන්තර වශයෙන් සිඳුවන තහනම්ය.
එවැනි තත්ත්වයක ක්‍රීඩා අමාත්‍යංශයට සිඳු වී තිබුණේ අමතර අවස්ථාවන් සඳහා වැඩ සැළසුම් සකස් කරමින් ශ්‍රී ලංකාවට පදක්කම් සඳහා ළඟා විය හැකි කෙටි මාර්ග සෙවීම නොවේය.යන කණ්ඩායමට හෝ ප්‍රතිපාදන ලබා දිය හැකිද යන්න සළකා බැලීමය.එවැනි තත්ත්වයක ක්‍රීඩා පරිපාලනයට අදාළව ජාතික ඔලිම්පික් කමිටුව මේ ආකාරයෙන් හෝ ලබා දෙන සහය ඉතා වැදගත්ය.එය ක්‍රීඩා අමාත්‍යංශයට කිරීමට නොහැකි හෝ අපහසු දෙයක්ය.ඒ නිසා මේ තරගාවලිය දෙස බලා ක්‍රීඩා දේශපාලනයේ සහ රාජ්‍ය දේශපාලනයේ හැකි,නොහැකිනම් හඳුනාගෙන මිත්‍රශීලීව එකට එක්ව අනෙකාගේ සුවිශේෂතා තමන්ගේ කර ගනිමින් රාජ්‍ය හා ක්‍රීඩා පරිපාලනයේ මැදිහත්වීම් පරිපූරණ කළ හැකි පරිසකගේ මග පෙන්වීම ලබා ගෙන ඉදිරියට යන්නට ක්‍රීඩා අමාත්‍යංශය සූදානම්නම් ශ්‍රී ලංකාවේ පරිපාලනයට පිටියට බසින ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව මෙන්ම වැඩක් රටේ ක්‍රීඩාවේ ජයග්‍රහණ වෙනුවෙන් සැළසුම් කළ හැකිය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan