වගා හානි වුවත් රටට අවශ්‍ය සහල් තියෙනවා- කෘෂිකර්ම අමාත්‍යාංශය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  නියඟය හේතුවෙන් කුඹුරු අක්කර 60,930ක් මේ වන විට හානියට පත්ව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන අතර, ගොවීන් 62,375 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය අක්කර 26,654. 40ක් බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ .

මෙවර යල කන්නයේ වගා කරන ලද සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් පන් ලක්ෂ තුන්දහසක් වන අතර දැනට වගා හානි වාර්තා වන ආකාරය අනුව නියඟය හේතුවෙන් අවම වශයෙන් අක්කර 70,000ක් පමණ හානියට ලක්ව ඇති බවට ගණන් බලා ඇති අතර, මහවැලි හා අනෙකුත් ප්‍රධාන ජලාශ යටතේ වගා කරන ලද කුඹුරුවලින් ඉහළම අස්වැන්නක් මෙවර ලැබී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම වගා හානි මගින් රටේ සහල් අවශ්‍යතාවයට බලපෑමක් එල්ල නොකරන අතර ලබන මහ කන්නයේ වී අස්වනු නෙලා ගන්නා තෙක් අවශ්‍ය සහල් හා වී තොග රට තුළ පවතින බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...