ඒ් සුක්කානම සත්‍යා ට

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 06, (LNW) කොළඹ :

බංගලාදේශ කාන්තා ඒ් කණ්ඩායම සමඟ පැවත්වෙන ශ්‍රී ලංකා කාන්තා ඒ් කණ්ඩායම සහභාගි වන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වගකීම සත්‍යා සංදීපනීට පවරා තිබෙනවා.රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි තුන් ඉරියව් ක්‍රීඩිකා සත්‍යා 2020 දී පමණ ජාතික කණ්ඩායමට පිවිසුනත්,ඇයට දිගින් දිගට රැදී සිටීමේ අවකාශ හිමි වී නැහැ.එවැනි පසුබිමක ජාතික කණ්ඩායමට මද වේග පන්දු යවන්නියන්ගේ හිඟයක් ද ඇති මොහොතක සත්‍යාට හිමිවන මේ නායකත්වය ඇයගේ ක්‍රිකට් අනාගතයට වඩාත් හොඳ ආයෝජනයක් වනු ඇත.


උප නායිකාව ලෙස නම් කර ඇත්තේ ද ජාතික කණ්ඩායමේ අත්දැකීම් ඇති මල්ෂා ෂෙහානි වන අතර ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති කව්ශානි නෘත්‍යාගනා ද කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.ඒ් වගේම අනාගත කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට වැදගත් විය හැකි ලාබාල ක්‍රීඩිකාවන් දෙදෙනෙක් වන දෙව්මි විහංගා මෙන්ම නෙත්මි සේනාරත්න ද මේ කණ්ඩායමේ සිටීම වැදගත් කොට සැළකිය හැකියි.


බංගලාදේශ කාන්තා ඒ් කන්ඩායමට ඒරෙහිව තරග වදින්නට නම් කර ඇති පහළොස් දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ඒ් සංචිතය පහත දැක්වෙනවා.
සත්‍යා සංදීපනී,මල්ෂා ෂෙහානි,කවිෂානි නෘත්‍යංගනා,පියුමි වත්සලා,නිලක්ෂනා සඳමිණි,ඉමේෂා දුලානි,නෙත්මි සේනාරත්න,මල්කි මධාරා,දෙව්මි විහංගා,නිමාශා මධුශානි,චේතනා විමුක්ති,තාරුකා ෂෙහානි,තාරුකා සෙව්වන්දි,අමාදි විජේසිංහ සහ සඳලි වීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...

රනිල් එක්ක ටිල්විනුත් ඇතුළට ?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...