සජිත්ට බෑ කියන රනිල්ගේ වැඩ නිසා තමයි එජාපෙ බිංදුවටම වැටුණේ – හර්ෂ

Date:

කොළඹ LNW:මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය නොකරන බව පවසමින් තිබුණද දැවැන්ත එක්සත් ජාතික පක්ෂය බිංදුවටම වැටුණේ වික්‍රමසිංහ මහතාගේ වැඩ නිසා යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

කොළඹ LNW:මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය නොකරන බව පවසමින් තිබුණද දැවැන්ත එක්සත් ජාතික පක්ෂය බිංදුවටම වැටුණේ වික්‍රමසිංහ මහතාගේ වැඩ නිසා යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

අද මොනවා කිව්වත් වික්‍රමසිංහ මහතාට තමන්ගේ පක්ෂය ආරක්ෂා කරගැනීමට නොහැකි වූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශ අනුව ඔහු සහ අනුර කුමාර දිසානායක අතර ගණුදෙනුවක් තිබෙන බව පෙනෙන්නට ඇති අතර සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ සමඟ එකතු වෙන බවට ප්‍රචාර යවමින් තවත් පැත්තකින් සමඟි ජන බලවේගයේ පාක්ෂිකයින්ගේ මොරාල් බැස්සීමට උත්සහ ගනිමින් සිටින බව ද හර්ෂ සිල්වා මහතා කියාසිටියි.

මේ අතරම රනිල් වික්‍රමසිංහ මහතා සිය රාජ්‍ය බලය යොදාගනිමින් අනුර දිසානායක වෙත විශාල අවස්ථා උදාකර දී තිබෙන බවයි මන්ත්‍රීවරයා කියාසිටින්නේ.

එහෙයින් මං මුලා නොවන ලෙස සිය පාක්ෂිකයින්ට පවසන බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...