ඇල්ල බස් ඛේදවාචකයෙන් මිය ගිය අයගේ සිරුරු ඥාතීන්ට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW:

පසුගියදා ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේදී සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් 15 දෙනාගේ මෘත දේහයන් ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දී තිබෙන බව වාර්තා වේ. ඒ, දියතලාව සහ බදුල්ල රෝහල්වලදී සිදු කළ පශ්චාත් මරණ පරීක්‍ෂණවලින් අනතුරුවයි.

ඊයේ රාත්‍රියේම එම මෘත දේහයන් ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දුන් බව වාර්තා වේ.

ඒ අනුව, පිරිමි පුද්ගලයින් 6ක් සහ කාන්තාවන් 09කගේ මෘත දේහයන් එලෙස භාර දී තිබෙන අතර, මිය ගිය පිරිසෙන් 12 දෙනෙකු තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් වන බව පැවසේ.

කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරු ද අනතුරෙන් මිය ගිය අතර, තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලයේ පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විනෝද චාරිකාවක් සඳහා පැමිණි බස් රථයක් ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරළී එම අනතුර සිදු විය.

එහිදී තවත් පුද්ගලයින් 18 දෙනෙකු ද තුවාල ලබා රෝහල්ගත කෙරුණ අතර, එම සියලුදෙනා තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන් තංගල්ල නගර සභා සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ද වේ. පිරිමි පුද්ගලයින් 6ක්, කාන්තාවන් 5ක්, පිරිමි දරුවන් 3ක් සහ දැරියන් දෙදෙනෙකු ඇතුළු 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වල තවදුරටත් එලෙස ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

අනතුරෙන් මිය ගිය අය වෙනුවෙන් වන්දි ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබෙන අතර, ඒ අනුව ජීවිතක්ෂයට පත්වූ එක් අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට තීරණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...