ඇල්ල බස් ඛේදවාචකයෙන් මිය ගිය අයගේ සිරුරු ඥාතීන්ට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW:

පසුගියදා ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේදී සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් 15 දෙනාගේ මෘත දේහයන් ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දී තිබෙන බව වාර්තා වේ. ඒ, දියතලාව සහ බදුල්ල රෝහල්වලදී සිදු කළ පශ්චාත් මරණ පරීක්‍ෂණවලින් අනතුරුවයි.

ඊයේ රාත්‍රියේම එම මෘත දේහයන් ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දුන් බව වාර්තා වේ.

ඒ අනුව, පිරිමි පුද්ගලයින් 6ක් සහ කාන්තාවන් 09කගේ මෘත දේහයන් එලෙස භාර දී තිබෙන අතර, මිය ගිය පිරිසෙන් 12 දෙනෙකු තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් වන බව පැවසේ.

කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරු ද අනතුරෙන් මිය ගිය අතර, තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලයේ පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විනෝද චාරිකාවක් සඳහා පැමිණි බස් රථයක් ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරළී එම අනතුර සිදු විය.

එහිදී තවත් පුද්ගලයින් 18 දෙනෙකු ද තුවාල ලබා රෝහල්ගත කෙරුණ අතර, එම සියලුදෙනා තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන් තංගල්ල නගර සභා සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ද වේ. පිරිමි පුද්ගලයින් 6ක්, කාන්තාවන් 5ක්, පිරිමි දරුවන් 3ක් සහ දැරියන් දෙදෙනෙකු ඇතුළු 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වල තවදුරටත් එලෙස ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

අනතුරෙන් මිය ගිය අය වෙනුවෙන් වන්දි ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබෙන අතර, ඒ අනුව ජීවිතක්ෂයට පත්වූ එක් අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට තීරණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේනයට යොදවන සියලුම හමුදා භටයන් රුසියාවේ ඉලක්ක වනු ඇති බවට ජනාධිපති පුටින් යුරෝපා ජාතීනට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ ස්ථානගත...

මෙරට සංවර්ධනයට චීන රජයේ සම්පූර්ණ සහය:චීන තානාපති Qizhenhog

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: වත්මන් ජනාධිපති අනුර කුමාර...

එක්සත් ජනපදයේ හයිවුන්ඩායි කම්හලේ වැටලීමකදී සේවකයන් 475 දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ...

වෙනත් විකල්පයක් නෑ, මේ මොහොතේ ස්ථිරවම මගේ පූර්ණ සහාය ජනපති අනුරටයි – ඩඩ්ලි සිරිසේන

මෙතෙක් රට පාලනය කළ දේශපාලනඥයින් රටට කළ විනාශය සම්බන්ධයෙන්...