නිශ්මං රණසිංහ සැප්තැම්බර් 06, කොළඹ LNW:
MCA ක්‍රීඩාංගණයේදී අවසන් වූ MCA ප්‍රිමියර් ලීග් 50 ඕවර (සුදු පන්දුව / වර්ණ ඇඳුම්) තරඟාවලියේ 2025 අවසන් මහා තරඟයේදී සිංගර් ශ්‍රී ලංකා “A” කණ්ඩායම එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 05 ක තියුණු ජයග්‍රහණයක් ලබා ගත්තේය.
අවසන් මොහොත තෙක්ම ජය කාටද යන ගැටළුව සමඟ ඇඳුණු තරගය ක්‍රිකට් ක්‍රීඩාවේ අසිරිමත් බව සමඟ උපරිම වින්දනයක් ක්‍රිකට් ලෝලීන්ට උදා කළ තරගයක් විය.සැබිවින්ම සුපිරිතම දක්ෂයන් අතර පැවති අවසාන තරගයක් වූ මෙම තරගයේදී ලකුණු 265 ක ඉලක්කයක් හඹා ගිය එක්ස්පෝලංකා කණ්ඩායම ලකුණු 260 දී නවතාලමින් තියුණු ජයක් ලබා ගැනීමට සිංගර් ක්‍රීඩකයෝ සමත් වූහ.

හිරුණ ගාල්ලගේ ගොඩ නඟපු ලකුණ 79 ක සුපිරි ඉණිම පෝෂණය කරන්නට දායක වූ ධනුජ ඉඳුරුව (46),කවිදු නිර්මාණ (නොදැවී 52) සහ රශ්මික මධුශංක (42) සමඟ සිංගර් කණ්ඩායම පන්දු ඒවර් 50 නිමාවන විට කඩුලු 8 ක් දැවී සිය ලකුණු පූවරුව 265 ක් දක්වා ඔසවා ගැනීමට සමත් විය.එක්ස්පෝලංකා කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් ද සොයිසා ලකුණු 35 ට කඩුුලු 2 ක් දවා ගන්නට සමත් විය.
සංගර් කණ්ඩායමට පිළිතුරු දීම සඳහා පිටියට පිවිසි එක්ස්පෝලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කළ මනස මධුභාෂණ ලකුණු 85 ක් රැස් කළ අතර ලක්ෂාන් සඳකැන් ලකුණු 51 ක් එක් කරන්නට සමත් විය.

එහෙත් පන්දු ඕවර් 50 නිමාවේ දී ඔවුන්ට යා හැකි වූ දුර වූයේ කඩුලු 5 ක් දැවී ලකුණු 260 ක් දක්වාය.එතෙකින් ගමන නවතන්නට ප්‍රධාන වශයෙන්ම දායක වූ පන්දු යවන්නා වූයේ සිංගර් කණ්ඩායමේ ධනෝෂ් ද සිල්වා ය.ඔහු ලකුණු 44 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් විය.පසිඳු ජල්ෂාන් නමට ලකුණු 48 ට කඩුලු 2 ක් සටහන් වී තිබිණ.
එසේම මෙම තරගයේ එක්ස්පෝ ලංකා කණ්ඩායමට එරෙහිව යවන ලද 50 වන ඕවරයේදී කවිදු නිර්මාණ කළ පන්දු යැවීමද විශේෂ කොට සඳහන් කළ යුතුය.කඩුලු 9 ට ලකුණු 152 ක් ව සිටි ලකුණු පූවරුවට ලකුණු 165 වීමට අවශ්‍ය්‍යව තිබුණේ ලකුණු 13 ක් පමණි.එම අභියෝගය භාර ගන්නා බව පෙන්වමින් නිශාන් පීරිස් හතරේ පහර දෙකක්ම එල්ල කළ ද,ඉතුරු පන්දුවලට කිසිඳු ලකුණක් ලබා නොඳුන් කවිඳු, සිගර් කණ්ඩායමට ලකුණු 5 ක ජයක් ලබා දෙන්නට මුල් විය.

අර්ධ ශතක 03ක් ඇතුළුව ලකුණු 256ක් රැස් කළ හොඳම පිතිකරු හිරුණ ගාල්ලගේ සහ ලකුණු 144ක් සහ කඩුලු 08ක් ලබා ගත් EXpolanka Holdings කණ්ඩායමේ මල්ෂා තරුපති යන ක්‍රීඩකයින් දෙදෙනාම තරගාවලියේ වීරයෝ වූහ. හොඳම පන්දු යවන්නාගේ ඇගයීම ධනෝෂ් ද සිල්වාට හිමි විය.
මෙම තරඟාවලියට ප්‍රථම වරට අනුග්‍රහය දක්වමින් Link Natural Products (Pvt) Limited ආයතනයේ “Musclegard / Crampgard” එක්ව තිබිණ.
Link Natural Products (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී අෂාන් රන්සිලිගේ (ප්‍රධාන ආරාධිතයා) සහ ආයතනික ව්‍යාපෘති ප්‍රධානී සමගි රාජපක්ෂ (ගෞරවනීය ආරාධිතයා), MCA සභාපති මහේෂ් ද අල්විස් සහ තරඟාවලි කමිටුවේ සභාපති ලක්මාල් ද සිල්වා යන මහත්වරු සම්මාන ප්‍රදානය කළහ.
ලකුනු සාරාංශය –
සිංගර් ශ්‍රී ලංකා “ඒ”- ඕවර 50කදී කඩුලු 08කට 265 (ධනුජ ඉඳුරුව 46, හිරුණ ගාල්ලගේ 79, රශ්මික මධුශංක 42, කවිඳු නිර්මාණ නොදැවී 51, ඩිල්ෂාන් ද සොයිසා 2/35)
එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් – ඕවර 50කදී කඩුලු 09කට 260 (ඩිල්ෂාන් ද සොයිසා 21, මනස මධුභාෂණ 85, නිමේෂ ගුණසිංහ 21, මල්ෂාන් තරුපති 27, ලක්ෂාන් සඳකැන් 54, ධනෝෂ් ද සිල්වා 3/44, පසිඳු ඩිල්ෂාන් 2/ 48)
