නව නියෝජ්‍ය පොලිස්පතිවරු 35ක් පත්වෙයි. සිව් දෙනෙක් කාන්තා නිලධාරිනියන්!

කොළඹ LNW:ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ කටයුතු කළ නිලධාරීන් 31 දෙනෙකු සහ නිලධාරිනියන් 4 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.

මෙම පත්වීම් 2025 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති අතර තවත් නිලධාරීන් තිදෙනෙක් පිළිබඳ පවතින විමර්ශන හේතුවෙන් ඔවුන් පොරොත්තු ලේඛනයේ තැබීමට කටයුතු කර ඇති බව පොලිස්පතිවරයා නිකුත් කළ ලිපියේ සඳහන් වෙයි.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති තනතුර පත් වූ නිලධාරීන් මෙසේයි.

ජී.එන්. ද සොයිසා – සුබසාධන දිසාව , ආර්.එච්.එස්. මාසිංහ – මහනුවර හා මාතලේ දිසාව , ජ්‍යෙ.පො.අ. ඩබ්. ඒ.ඩබ්.සී. ප්‍රේමසිරි – මාතර හා හම්බන්තොට දිසාව , කේ.ඩී.ජී.එල්.ඒ. ධර්මසේන – මීගමුව කොට්ඨාසය , එස්.ජී.ජේ.ආර්. ගුණසේකර – නීති කොට්ඨාසය , ඩබ්.පී.ජේ. සේනාධීර – බස්නාහිර පළාත (රථ වාහන) දිසාව , එස්.ඩී. විජේසේකර – වව්නියාව හා මන්නාරම දිසාව , ජේ.ඒ.කේ. ජයසිංහ – නීති දිසාව , ඕ. හේවාවිතාරණ – මත්ද්‍රව්‍ය දිසාව , ඒ. අයි. හපුගොඩ – රථ වාහන හා මාර්ග ආරක්‍ෂක දිසාව , ඩී. එම්. එම්. ඒ. බී. මහගිරිල්ල – රත්නපුරය දිසාව , එම්.ආර්.එම්. සෙනරත් – ප්‍රවාහන හා සංදේශ දිසාව , ඩබ්. ජේ. එන්. සේනාරත්න – ජාතික පොලිස් අභ්‍යාස ආයතනය , යු.කේ. මාරඹගේ – රාජ්‍ය බුද්ධි සේවාව , ටී. ජී. එන්.ඩබ්.ඩී. තල්දුව – මොණරාගල දිසාව , ඊ. එම්.ජී.ජේ. සේරම් – ගාල්ල දිසාව , එල්.ඒ.යු. සරත් කුමාර – කුරුණෑගල දිසාව , ජේ.ඒ. චන්ද්‍රසේන – කිලි නොච්චිය හා මුලතිව් දිසාව , ඩී.ජී.එස්. ද සිල්වා – විශේෂ කාර්ය බලකාය , ඩබ්.කේ.ජේ.ආර්. ඩයස් – මාණ්ඩලික නි.පො.ප. (පොලිස් මුලස්ථානය) , ඩබ්. වී. ගිනිගේ – නිකවැරටිය කොට්ඨාසය , එම්. යු. එම්. දිසානායක – ත්‍රිකුණාමලය දිසාව , ඒ.එස්.පී.සී. වෙදමුල්ල – අම්පාර දිසාව , ඩබ්. එස්. පී. ද සිල්වා – නුවරඑළිය දිසාව , එම්.ඩී.පී. දයාරත්න – මුල්‍ය අපරාධ විමර්ශන දිසාව , ඩබ්. ඒ.ජේ. විශාන්ත – අගමැති ආරක්ෂක දිසාව , එච්. සී. ඒ. පුෂ්ප කුමාර – බඳවා ගැනීම් හා පුහුණු දිසාව , බී. ටී. සුගතපාල – අනුරාධපුර හා පොලොන්නරුව දිසාව , පී. අම්පාවිල – 266/18,කිඩ්විලා, හෙට්ටිකන්ද පාර, පරකන්දෙනිය, ඉඹුල්ගොඩ. (ගනේමුල්ල පොලිස් වසම ) , ඒ.ජි.ඩී. වීරසේකර – විශේෂ ආරක්ෂක දිසාව , කේ.ඒ.ජේ. කොඩිතුවක්කු – සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති ධූරය සඳහා උසස් වීම් ලද කාන්තා නිලධාරිනියන් වන්නේ දර්ශිකා කුමාරි, පද්මිණී වීරසූරිය, රේණුකා ජයසුන්දර සහ නිශානි සෙනෙවිරත්න යන මහත්මීන්ය.

දර්ශිකා කුමාරි මහත්මිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අණ දෙන නිලධාරිනිය ලෙස මේ වනවිටත් කටයුතු කරනු ලබන අතර ඇය එම මූලස්ථානයේ පළමු කාන්තා අනදෙණ නිලධාරිනියයි.

මේ වනවිට කළුතර දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පද්මිණී වීරසූරිය කටයුතු කරන අතර ඇය පොලිස් ඉතිහාසයේ දිස්ත්‍රික්කයක් භාරව කටයුතු කළ පළමු නිලධාරිනිය ලෙස පොලිස් ඉතිහාසයට එක්ව සිටියි.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රේණුකා ජයසුන්දර මහත්මිය කාන්තා අපයෝජන නිවාරණ දිසාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස කටයුතු කරන අතර නිශානි සෙනෙවිරත්න මහත්මිය පර්යේෂණ හා තොරතුරු කොට්ඨාසයේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස කටයුතු කරයි. නිශානි සෙනෙවිරත්න මහත්මිය මෙම සිව්දෙනා අතරින් ජ්‍යේෂ්ඨතම නිලධාරිනිය වන අතර ඇය දීර්ඝ කාලයක් රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කර ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...