පන්ජාබය එකම ජලාශයක් බවට පත්වේ; ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දින ගණනාවක් තිස්සේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයට බලපාන ලද අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්වය නිසා පුද්ගලයින් 43 දෙනෙකුට ජීවිත අහිමි වී ඇති අතර ප්‍රාන්තයේ ගම්මාන 2,000 කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව, ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

දේශගුණික අර්බුදය හේතුවෙන් ඇති වූ ආන්තික හා අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හමුවේ මිලියන ගණනක් ඉන්දියාවේ ගොවීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති අතර වී වගා කරන ලද අක්කර ලක්ෂ ගණනක් මෙන්ම කපු සහ උක් වගාවන් අඩි පහකට වඩා වැඩි මඩ සහිත දුඹුරු ගංවතුර ජලයේ සම්පූර්ණයෙන්ම ගිලී යාමෙන් විනාශ වි ඇති අතර ජලයට හසු වූ ගවයන්දයෙන් විශාල වශයෙන් මියගොස් ඇත.

නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් පාලක භාරතීය ජනතා පක්ෂ රජය ගොවීන් කෙරෙහි නොසැලකිලිමත්කම සහ මෙම වසරේ අධික මෝසම් වැසි සමයේදී ඔවුන් නොසලකා හැරීම ගොවීන්ගේ විවේචන වලට ලක්ව ඇති අතර මෙම අර්බුදය ඉන්දියාවේ පමණක් නොව දේශ සීමාව හරහා, පකිස්ථානයේ කෘෂිකර්මාන්තයට බෙහෙවින් බලප ඇත.

ඉන්දියාවේ පන්ජාබ් පළාතේ, ගංවතුරෙන් ඇති වූ විනාශය ඊටත් වඩා විනාශකාරී වී ඇති අතර, මිලියන 2 කට ආසන්න ජනතාවක් ඉවත් කර ඇති අතර ගම්මාන 4,000 ක් පමණ ගංවතුරෙන් යටවී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...