ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනය (NSSF) යොවුන් සහ කනිෂ්ඨ එයාර් රයිෆල් සහ එයාර් පිස්තෝල ශූරතාවලිය සැප්තැම්බර් 9 වන දින ආරම්භ වන අතර සැප්තැම්බර් 13 දක්වා පැවැත්වෙනු ඇත.එම තරගාවලිය සමඟ නවතම අංග සම්පූර්ණ මංතීරු 10 කින් යුත් ඉලෙක්ට්‍රොනික ඉලක්ක වෙඩි තැබීමේ පිටිය කොහුවල දී විවෘත කෙරෙන අතර එම මංගල තරගාවලිය සඳහා තරඟකරුවන් 100 කට අධික සංඛ්‍යාවක් තරඟ කරන බවක් දැකීමට තිබීම නව භුමිය හා සැබැඳි අනාගත ආයෝජන පිළිබඳව යහපත් අපේක්ෂා ඇති මතු කරයි.
එන්එස්එස්එෆ් හි ලේකම් ප්‍රදීප් එදිරිසිංහ ඒ සම්බන්ධයෙන් පවසන්නේ මේ නවතම පිටිය නිසා අතීතයේ බොහෝ තරුණ තරුණියන්ට ජාත්‍යන්තර තරගවලට සමාන පහසුකම් සහිත දේශීය තරගයකට මුහුණ දීමට අවස්ථාව ඉතා අල්ප වශයෙන් ලැබුණත්,මේ පිටිය නිසා දැන් සියලුම වෙඩික්කරුවන්ට ජාත්‍යන්තර ප්‍රමිතියට සමාන පහසුකම් යටතේ තරඟ කිරීමට අවස්ථාව ලැබෙන බවය.
මේ අලුත් පරිච්ඡේදයේ ප්‍රවිශ්ඨය සනාත කරන තරගාවලිය සම්බන්ධයෙන් තවමත් ඇතුළත් කිරීම් ලැබෙමින් පවතින අතර ඉදිරි දිනවලදී සියල්ල අවසන් වනු ඇති බවත්,එය ජාතික යොවුන් සහ කනිෂ්ඨ සංචිත යාවත්කාලීන කිරීමට තෝතැන්නක් වනු ඇති බවත් ලේකම්වරයාගේ අදහසය.
නවතම ගණනය කිරීම්වලට අනුව, ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා පාසල් වෙඩි තැබීමේ ක්‍රීඩා සංගමයට අනුබද්ධ පාසල් සහ NSSF හා අනුබද්ධ සමාජ ශාලා වෙතින් NSSF වෙත දැනටමත් ඇතුළත් කිරීම් 90 කට වඩා ලැබී ඇත. යොවුන් කාණ්ඩය වයස අවුරුදු 18 ට අඩු වෙඩික්කරුවන් සඳහා වන අතර ඔවුන් එයාර් රයිෆල් සහ එයාර් පිස්තෝල යටතේ පිරිමි සහ කාන්තා අංශවලට තරඟ කරනු ඇත. කනිෂ්ඨ අංශය වයස අවුරුදු 18 ත් 21 ත් අතර වෙඩික්කරුවන් සඳහා වන අතර, ඔවුන් වායු රයිෆල් සහ එයාර් පිස්තෝල යටතේ පිරිමි සහ කාන්තා අංශ යටතේ තරඟ කරනු ඇත.
බොහෝ උත්සාහයන්ගෙන් ඉනික්බිතිව විවිධ කඩඉම් පසු කරමින් කුලී බිම් තීරුවල එලුණු වෙඩි පිටිවල කතා අවසානයේ ජාත්‍යන්තර හැඩ රුව ප්‍රමිතියම සමඟ ඇති වෙඩි පිටියකට සිඳුවන ප්‍රවේශය උපකරණ වලින් පිටවෙන උණ්ඩ අපතේ නොයන ජයග්රාහි ඉලක්ක මත පතිත කරවන වෑයමක් වුවහොත්,ශ්‍රී ලංකාව යන්න කොහුවලට වඩා වැඩි වරක් ලෝකයේ ගෞරවයෙන් මුමුණනු ඇසෙනු ඇත.ඉතිං අපි වෙඩි ශබ්ද ජයඝෝෂාවක් වෙන තෙක් ඉවසා කැපවීමෙන් කටයුතු කළ යුතුව ඇත.නව වෙඩි පිටියට මෙන්ම එහි මංගල තරග අත්දැකීම භුක්ති විඳින යෞවනයන්ට සුභාශිංෂන එක් කරන්නෙමු.
RM