සටහන – රුවන් නෙළුගොල්ල
බෙල්ජියමේ බ්රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්රී ලංකාවේ සුපිරි ක්රීඩක රුමේෂ් තරංග සමත්වී තිබේ.
ශ්රී ලංකාවේ වේලාවෙන් අද (06) අලුයම පැවති මෙම තරගයේදී ඔහු මීටර් 89.04ක දුරක් හෙල්ල විසි කරමින් ජයග්රහණය කළේය.
ඒ අනුව ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයක් ජයගත් පළමු ශ්රී ලාංකික ක්රීඩකයා ලෙස රුමේෂ් තරංග වාර්තා අතරට එක්ව සිටී.


