*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

EPF එකට මොකද වෙන්නෙ? – මහ බැංකු අධිපතිගෙන් පිළිතුරු

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ වෘතීය සමිති නියෝජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක් පවත්වා ඇති අතර, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය මඟින් සේවක අර්ථසාධක අරමුදලට සිදුවන බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇත.

එහිදී මහබැංකු අධිපතිවරයා,

“මුලින්ම කියන්න ඕනේ EPF එක බංකොලොත් වෙනවා කියන එක සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මේ අවස්ථාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී සේවක අර්ථසාධක අරමුදලේ තියෙන ගිණුම, ශේෂය සතයක්වත් අඩුවෙන්නේ නෑ. ඒ සහතිකය තියෙනවා. දෙවැනි එක අවම වශයෙන් පසුගිය කාලවල දුන්න 9% වැඩි වුණොත් ඒක රජයෙන් දෙනවා කියන සහතිකය අපිට තියෙනවා. “

දුමින්ද නාගමුව මහතා එහිදී අදහස් දැක්වූ අතර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිහ මහතා ඊට ප්‍රතිචාර දැක්වුයේය.

දුමින්ද නාගමුව –

“අද ඔබතුමා හිතනවා නේ සාකච්ඡා කරන්න ඕනේ කියලා. අන්න ඒ විවෘත වුණ තර්කනය තියෙනවා නේ, ඒක අදාළ වෙන්නේ අදට නෙමෙයි බල සහිතව. අද ඒ තර්කනය තුළ ඔබතුමා ගේනන හදනවා අපි දුරක් ඇවිත් ඉවරයි දැන් ඒ නිසා තෝරා ගැනීම් දෙකයි තියෙන්නේ, ඔයගොල්ලෝ කියන එකට ගියොත් අමාරුයි කියලා. නමුත් මේක පටන් ගන්න වෙලාවේ සාකච්ඡාවක් ගත්තා නම් අපිට කරුණු ගොඩක්…”

මහ බැංකු අධිපති –

“මේ වගේ දේවල් ලෝකයේ කිසිම රටක, කොහේවත් ලංකාවේවත් මේක එක වෙලාවක දී මාකට් එකේ හැමෝටම ඕපන් විදියට කරන්නේ නැත්නම් මේ තොරතුරු කලින් දැනගත්ත කෙනෙක්ට මේක වැරදි විදියට භාවිත කරලා එක එක විදියට සල්ලි හම්බ කරන්න පුළුවන්. ඒ නිසා තමයි මේක දවස් පහක් වහලා තිබුණේ. ඔබතුමන්ලාව කවුදෝ බය කරා බැංකු කඩා වැටෙයි, තැන්පත් නැති වෙයි කියලා ලොකු කතාවක් තිබිලා ඒකටත් අපි ප්‍රතිචාර දැක්වුවා. නමුත් මේ වගේ දේවල් කලින් සාකච්ඡා කරලා ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මේවා සාකච්ඡා කරලා ඉදිරිපත් කරලා නීතියානුකූල ක්‍රමවේදය අධිකරණය, පාර්ලිමේන්තුව තුළ තමා ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමා වෙන්න ඕනේ. “

එම සාකච්ඡාවට සහභාගී වූ දනූෂ පතිරණ මහතා ද අදහස් පළ කළේය.

“EPF එකෙන් අය කරගන්න මේ මුදල වගේ ඊට වඩා ප්‍රතිලාභ ලබන ක්‍රමවේද තියෙනවා රාජ්‍ය ණය බර අඩුකරන්න. ඒවා කරන්නේ නැතුව සම්පුර්ණ ණය බර රටේ වැඩකරන ජනතාවගේ ඔළුවට අතහැරලා තියෙන්නේ. මේක සම්පුර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්. ඒකට මහ බැංකුවේ ඉන්න හැම සේවකයෙක්ම වගකියන්න ඕනේ. 2022 අවසානයේ දී පැහැර හැරිය බදු වටිනාකම රු බි 904ක්.”

මහ බැංකු අධිපති –

“පොඩ්ඩක් ඉන්න ඕක මෙතෙනට අදාළ නෑ. මම පැහැදිලිව කිව්වා මේ ඇවිල්ලා තියෙන්නේ මම සාකච්ඡාව දුන්නේ සේවක අර්ථසාධක අරමුදල නියෝජනය කරන අය. මේ සාකච්ඡාවේ මුලික අරමුණ සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධ කටයුතු. එතැනින් පිට දේවල් කතා කරන එක මගේ වගකීම නෙමෙයි, ඒක මහ බැංකුවේ අධිකාරියේ වෙන කෙනෙක්. ඒ ගැන කතා කරන්න මෙතැන නෙමෙයි අවස්ථාව. ඒ ගැන සාකච්චා කරන්න ඕනේ නම් ඔබතුමන්ලා අදහස් ප්‍රකාශ කරන්න .. ඒක කාලය නාස්තිකිරීමක් විතරයි. ඒ ගැන කිසිම අදහසක් මම ප්‍රකාශ කරන්නේ නෑ. ඒක මෙතැනින් පිට තියෙන දෙයක්. ඔබතුමන්ලා අවශ්‍ය තැනට ගිහින් ඒ විරෝධය පළ කරන්න අපෙන් කිසිම ප්‍රශ්නයක් නෑ.”

ලෙස ඒ පිළිබඳ අදහස් දක්වූහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan