විපක්ෂ නායක සජිත්ගෙන් නව ජාතික ප්‍රතිපත්තියක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07, කොළඹ (LNW):

මෙරට විශේෂ අවශ්‍යතා සහිත අයගේ ගැටලු විසදීම සදහා නව ජාතික ප්‍රතිපත්තියක් සකසන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එය ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවන බවද විපක්ෂ නායකවරයා පවසයි.

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් පැවති සමුළුවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේබව ප්‍රකාශ කළ අතර, ජනතා නියෝජිතයන් කිහිප දෙනෙකුම මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ව්‍යාපාරවලට හිතකර ආර්ථික හා සමාජ වතාවරණයක් තම රජයක් යටතේ නිර්මාණය කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන අතර, විවෘත ආර්ථික ක්‍රමවේදයෙන් තොර වෙනත් ආර්ථික ක්‍රමවේදයක් ලෝකයේ තවම සාර්ථක වී නැතිබව ද ඒ මහතා කියා සිටී.

කොළඹ පැවති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටි අතර, මහජන නියෝජිතයන් කිහිපදෙනෙකුම මෙහිදි අදහස් දැක්වීය. කොළඹ දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් රැසක්ම මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-ඇමරිකානු නායකයින් දුරකථන සංවාදයක – තායිවාන ගැටලුව ගැනත් අවධානයට!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (24)...

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...

වසර 10,000කට පසු සක්‍රීය වූ ඉතියෝපියාවේ Hayli Gubbi හේතුවෙන් ගුවන් ගමන් රැසක් අඬාල වෙයි!

සටහන – පුලී නොවැම්බර් 25, කොළඹ (LNW): වසර 10,000කට පසු...

සේවක අර්ථසාධක අරමුදලට අලුත් වැඩක්!

කොළඹ LNW:සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වා...