ප්‍රශ්නගත කන්ටේනර් 323 සහ මිද්දෙනියේ කන්ටේනර් දෙක අතර කිසිදු සම්බන්ධයක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රේගුවෙන් පරීක්ෂා නොකර නිදහස් කළ බවට ආන්දෝලනයට ලක්වූ බහාලුම් 323 සහ කෙහෙල්බද්දර පද්මේ විසින් ගෙන්වන ලද, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය සහිත මිද්දෙනියෙන් හමුවූ බහාලුම් දෙක අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව පොලීසිය පවසයි.

“2025 වසරේ බහාලුම් 323ක් නිදහස් කිරීම ගැන යම් මතයක් සමාජයේ ගියා. නමුත් මේ බහාලුම් දෙක ඊට සම්බන්ධ නැහැ. මොකද ඒ බහාලුම්වල අංක සමග අපි පරික්ෂා කරලා බැලුවා. මොකද හේතුව ඒ බහාලුම් 323 සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරික්ෂණයක් පැවත් වනු ලැබුවා. මේ ඒ අනුගත වුණු අංකවලට පරිබාහිර වෙනත් බහාලුම් දෙකක්. ඒ නිසා ඒ බහාලුම් 323ට මේ බහාලුම් දෙක කිසිදු සබඳතාවක් නැහැ”

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා මේ බව පැවසුවේ ඊයේ (06) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...