වැසි තත්වයේ වෙනසක් – අද (07) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද (සැප්තැම්බර් 07) දිනයේදී උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (07) දහවල් 12:08 ට මිරිස්ස, කඹුරුගමුව, මාතර, දෙවුන්දර, ගන්දර, සහ තලල්ල ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහානම පිටියෙන් ඉවත්වීම ගැන …

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 07, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා පත් කරන...

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශයේ නවතම තීරණය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07 කොළඹ LNW : පාසල් පැවැත්වෙන දිනවල...

මේ අවුරුද්ද අවසන් වෙද්දී අඩුම ලක්ෂයක්වත් අලුතින් රාජ්‍ය සේවයට බඳවාගන්න අනුමැතිය දෙන්න වෙයි – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය නිලධාරීන් දැනට භාවිතා කරන වාහන...

සිම්බාබ්වේ පන්දු යවන්නෝ ලාංකේය පිතිකරුවන්ගේ කීර්තිය දවා අළු කරති

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 07, කොළඹ LNW: ශ්‍රී ලංකාව ජාත්‍යන්තර විස්සයි...