භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශයේ නවතම තීරණය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07 කොළඹ LNW :

පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ  11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු  සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශයේ  අධ්‍යක්ෂ ජනරාල් දීපානී වීරකෝන් මහත්මිය පවසන්නේ, වැලි ටිපර් රථයක පාසල් වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරින් පසු පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගත් බවයි

ඉහත සඳහන් කාලසීමාවන් තුළ  ඛනිජ ප්‍රවාහන කටයුතු සිදු කරනු ලබන වාහන මාර්ගයේ ඉඩඇති ස්ථානවල නවතා තැබිය යුතුයි.

නැවත ප්‍රවාහන කටයුතු ආරම්භ කළ හැකි වන්නේ ඉහත වේලාවල්වලින් අනතුරුව බව පැවසේ.

පසුගිය 04 වැනි දින සිට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මෙම දැනුවත් කිරීම් සිදු කර තිබෙන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...