2025 ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයට එක්වූ ජනපති!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07 කොළඹ LNW :

ඊ⁣යේ (06) පස්වරුවේ , ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ සහ ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ 2025 ඇසළ මහා පෙරහැර මංගල්‍යය වෙනුවෙන්මහියංගන පුද බිම වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආගමික වතාවත්වල නිරත විය.

අනතුරුව ජනාධිපතිවරයා අස්ගිරි විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, මහියංගනය රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අතර උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරකද නිරත වූ අතර, උන්වහන්සේ මෙහිදී විශේෂ සිහිවටන තිළිණයක්ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ බවද සඳහන් වේ.

අනතුරුව ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ සහ ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ 2025 ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැරේ සමාරම්භය සනිටුහන් කරමින් මංගල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශවාසී ජනතාව සමඟ පෙරහැර නැරඹීමටද එක් විය.

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් බලගල්ල, අම්බිකා සැමුවෙල් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...