වසර ගණනාවකට පසු අද රාත්‍රියේදී පූර්ණ චන්ද්‍රග්‍රහණයක්!

Date:

කොළඹ LNW:වසර ගණනාවකට පසු අද (06) රාත්‍රියේ පුර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව තාරකා විද්‍යාඥ සහ ඉංජිනේරු කතිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.

අද රාත්‍රී 09.00ට පමණ එය ආරම්භ වන අතර රාත්‍රී 11.00ට පූර්ණ චන්ද්‍රග්‍රහණය දැක ගත හැකි බවයි වීරසේකර මහතා සඳහන් කරන්නේ.

මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය විනාඩි 82ක් පමණ පවතින අතර චන්ද්‍රයා රතු පාටින් දැකගත හැකියි.

නැවත මෙවැනි චන්ද්‍රග්‍රහණයක් දැකගත හැකිවන්නේ තවත් වසර තුනකින් පසුව බවද වීරසේකර මහතා සඳහන් කරයි.

චන්ද්‍රයා හා සූර්යයා අතරට පෘථිවිය පැමිණ ඒක රේඛීය වීමෙන් පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මතට වැටීමෙන් ඇතිවන සංසිද්ධිය චන්ද්‍ර ග්‍රහණයක් ලෙස හදුන්වන අතර චන්ද්‍රග්‍රහණයක් සිදු වන්නේ පුරපසළොස්වක දිනයකදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...