සැප්තැම්බර් 07, කොළඹ (LNW): දිවයිනේ විවිධ ස්ථානවල හටගත් මාර්ග අනතුරු හේතුවෙන් ඊයේ (06) දින ද පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ම ඇති බව වාර්තා වේ.
මෙම මාර්ග අනතුරු සිදුව තිබෙන්නේ මරදන්කඩවල, වෙල්ලාවේලි, කඩවත සහ පුදුකුඩුඉරිප්පු යන ප්‍රෙද්ශවල ය.
ඒ11 මාර්ගය සමඟ හමුවන තවලංහල්මිල්ලෑව හංදියේ දී පළමු අනතුර සිදුව ඇති අතර, එකම දෙසට ගමන්කරමින් සිටි මෝටර් රථයක් බයිසිකලයක් සමඟ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. සිදුවීමෙන් තුවාල ලැබූ 37 හැවිරිදි බයිසිකලය ධාවනය කළ තැනැත්තා මරදන්කඩවල රෝහලට ඇතුළුකළ නමුත්, පසුව ජීවිතක්ෂයට පත්ව ඇත. එම බයිසිකලයේ ඔහුත් සමඟ ගමන්කළ අනෙක් තැනැත්තා අනතුරින් තුවාල ලබා ඇත.
මේ අතර, වෙල්ලාවේලි-චවලකඩේ මාර්ගයේ දී, වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පදිකයන් දෙදෙනෙකු මත ගැටී ඇති අතර, අනතුරින් තිදෙනාම තුවාල ලබා කල්මුනේ රෝහලට ඇතුළත් කළ නමුත් පණ්ඩිරුප්පුවේ පදිංචි 58 හැවිරිදි පදිකයකු අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
තව ද, දිවුලපිටිය – රාගම මාර්ගයේ රාගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් පාලනයෙන් තොරව පදිකයකු හා ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ. සිදුවීමෙන් තුවාල ලැබූ 51 හැවිරිදි රම්බොඩ පදිංචිකරුවකු වූ පදිකයා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
එමෙන්ම, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ උදයාර්කට්ටුවේ දී අතුරු මාර්ගයකට හැරවීමට උත්සාහ කළ යතුරුපැදිකරුවකු පසුපසින් පැමිණි තවත් යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ. අනතුරින් පළමු යතුරුපැදිකරු ඉදිරියෙන් පැමිණි කැබ් රථයක් දෙසට විසිවී ඇති අතර, යතුරුපැදිකරුවන් දෙදෙනාම බරපතල තුවාල ලබා ධර්මපුරම් රෝහලට ඇතුළත් කළ ද, මුල්ලියාවලෙයි හි පදිංචි 22 හැවිරිදි යතුරුපැදිකරු ට දිවි අහිමි වී ඇත.
මෙම අනතුරු සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන දියත් කර ඇති බව ද වාර්තා වේ.

