මහින්ද විජේරාමෙන් මැදමුලනට?

Date:

කොළඹ LNW:ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත් සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මේ වන විට කතානායකවරයාට ලැබී ඇති අතර එම තීන්දුව එළැඹෙන අඟහරුවාදා දිනයේ දී කතානායකවරයා විසින් සභාගත කිරීමට නියමිතයි.

අනතුරුව ඉදිරි සතිය තුළ දීම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට රජය අපේක්ෂා කරන අතර ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීරමේ පනත සම්මත වීමෙන් පසුව විශ්‍රාම වැටුප හැර හිටපු ජනාධිපතිරු භුක්ති විදින බොහෝ වරප්‍රසාද අහෝසි වනු ඇති.

අහෝසිවන වරප්‍රසාද අතර ප්‍රධාන වන්නේ නිවසක් භුක්ති විදීමේ අවස්ථාවයි.

දැනට හිටපු ජනාධිපතිවරු අතරෙන් රජයෙන් ලබා දී තිබෙන නිවසක් භුක්ති විදින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණක් බව වාර්තා වන අතර පනත සම්මත විමෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නීතියට හිස නමා විජේරාම නිල නිවසින් පිටව යන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසා තිබුණේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගොවි ජනතාව වෙනුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : ශ්‍රී ලංකා මගවැලි...

ඇමරිකාව සහ ඉරානය අතර පවතින වත්මන් යුධමය උණුසුම කෙබඳුද?

රෂිකා හෙන්නායක ජනවාරි 27 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

පියතුමාට පහරදුන් පොලීසියේ හය දෙනාගේ වැඩ තහනම්!

කොළඹ LNW:කතෝලික පියතුමෙකුට පහරදීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර...

අධ්‍යාපන ප්‍රතිසංසකරණ ක්‍රියාත්මක නොවීමෙන් දරුවෝ අසරණ වෙලා – විපක්ෂ නායක දැන් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...