කඩචෝරු කා සිනමාවේ පමණක් දක්නට ලැබෙන රාක්ෂයකු වීමට ඔබත් කැමති ද?

Date:

ඉසුරු පරාක්‍රම

සැප්තැම්බර් 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ‍එක්සත් ජනපදයේ ලුසියානා හි සෙනට් සභික ජෝන් කෙනඩි මහතා විසින් ඉකුත් දිනක සිදුකළ ප්‍රකාශයක් නිසා ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ගිනි ඇවිලී තිබේ. 

ඔහු මෙම ප්‍රකාශය සිදුකරන ලද්දේ අපජලය සම්බන්ධයෙන් ඉකුත් බදාදා (03) දින පැවති සෙනට් විභාගයක් අතරතුර දී ය.

ඔහු අසල පුවරුවේ ඡායාරූපයක් දිස්වීමට සලස්වා, සෙනට් සභික කෙනඩි පවසා සිටියේ, එක්සත් ජනපදයට වෙනත් රටවලින් ගෙන්වන ලද මිදුණු ඉස්සන් දිගටම අනුභව කළහොත් මිනිසුන් එම ඡායාරූපයේ සිටිනා සත්ත්වයාගේ පෙනුම ගනු ඇති බව ය. 

මෙම සිදුවීම බලාසිටි ජනතාව තුෂ්නිම්භූත වන්නේ එම ඡායාරූපයේ සිටින සත්ත්වයා නිසා ය. එම ඡායාරූපයේ සිටින්නේ ලෝකප්‍රකට ත්‍රාසජනක විද්‍යා ප්‍රබන්ද කතාමාලාවක්වන “ඒලියන්” හි මිනිසකුගේ පපු ප්‍රදේශය පලාගෙන පිටතට පැමිණෙන “චෙස්ට්බර්ස්ටර්” හෙවත් එම කතාමාලාවේ පෙන්වනු ලබන පිටසක්වල සත්ත්වයන්ගේ සුහුඹුල් අවස්ථාවයි. 

කෙනඩි මහතා ඔහුගේ පැහැදිලි කිරීමට යොදාගෙන තිබුණේ 1979 වර්ෂයේ තිරගත වූ පළමු ඒලියන් චිත්‍රපටයේ චෙස්ට්බර්ස්ටර් ගේ ඡායාරූපයකි.  

මෙම ඡායාරූපය පෙන්වමින් ඔහු අපජලය පිළිබඳ සෙනට් විභාගයට රැස්ව සිටි පිරිස වෙත පවසා සිටියේ, එක්සත් ජනපදයට වෙනත් රටවලින් ගෙන්වනු ලබන මිදුණු ඉස්සන්තුළ විකිරණ තැන්පත්ව ඇති බවත්, මෙය විහිළුවක් නොවන බවත්, එවන් ඉස්සන් දිගටම පරිභෝජනය කළහොත් සීසියම්-137 නම් විකිරණය ශරීරගත විය හැකි බවත් ය. 

ඡායාරූපයේ පෙන්වනු ලබන පිටසක්වල සත්ත්වයාගේ හැඩය නොගත්ත ද, නිසැකව ම අතුරු කනක් වත් මිනිසුන්ගේ සිරුරේ හටගනු ඇති බවට ඔහු අනතුරු අඟවා සිටියේ ය. 

එමෙන්ම, එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය පවා ඉන්දුනීසියාවෙන් ගෙන්වා වෝල්මාර්ට් සහ ක්‍රොගර් සාප්පුවල විකිණීමට තිබෙන මිදුණු ඉස්සන් පිළිබඳ අනතුරු අඟවා ඇති බව පැවසූ සෙනට් සභික කෙනඩි මහතා මෙය සුළුපටුව තැකිය හැකි තත්ත්වයක් නොවන බව ද අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් වෝල්මාර්ට්, ක්‍රොගර් ඇතුළු කඩසාප්පුවල පරිපාලනය විසින්, හෝ ඒලියන් කතාමාලාව නිශ්පාදනය කරන 20ත් සෙන්චරි ස්ටුඩියෝ විසින් හෝ නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.

මෙම ඡායාරූපය පෙන්වනු ලැබූ සෙනට් සභික කෙනඩි මහතා 2017 වර්ෂයේ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ලුසියානා ප්‍රාන්තයේ සෙනට් සභාවට තේරී පත්වූ තැනැත්තෙකි.

ඡායාරූප: අන්තර්ජාලය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...