වංචනික සහ ඉතා භයානක scam link එකකි – කිසිසේත්ම මෙය Click කරන්න එපා” – ශ්‍රී ලංකා පොලිසිය

0
846

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07 කොළඹ LNW :

ශ්‍රී ලංකා පොලිසිය ජනතාවට අනතුරු ඇඟවීමක් කරයි.

ඒ, වංචනික සහ ඉතා භයානක scam link එකක් පිළිබදවයි.

එබැවින් , “කිසිසේත්ම එම ලින්ක් එක Click කරන්න එපා” යැයි ශ්‍රී ලංකා පොලිසිය පවසා සිටී.

පොලිසිය පවසන්නේ, ඔබව රවටා පෞද්ගලික තොරතුරු (බැංකු ගිණුම් විස්තර , මුරපද ) ආදිය සොරකම් කිරීමට හෝ ඔබගේ දුරකථනයට මෘදුකාංග ඇතුළු කිරීමට හැකි බවයි.

මෙවැනි වංචනික සහ ඉතා භයානක (scam link) අන් අය සමග බෙදා ගැනීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.