*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

මහජන අරගලය ඉවරයි, දැන් තියෙන්නෙ රට ගොඩනගන අරගලය – ජනාධිපති

රට ගොඩනැගීම සඳහා එක්වන්නැයි කිසිදු බේදයකින් තොරව සියලු පක්ෂවලට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පාලකයන් ගෙදර යවන මහජන අරගලය අවසන් වී ඇති බවත්, දැන් තිබෙන්නේ රට ගොඩනගන ආර්ථික අරගලය බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (06) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවති එක්සත් ජාතික පක්ෂ 76 වැනි සංවත්සරය අමතමිනි.

ඉතිහාසයේ මීට පෙර කිසි කලෙක මුහුණ නොදුන් අර්බුදයකට අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බවත්, සියලු දෙනා එකට එකතු වී විසඳුම් සෙවීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. රටේ ජනතාවගෙන් සැළකිය යුතු ප්‍රතිශතයකට තුන්වේල කන්න බැරි තත්වයට රට පත්ව ඇති බවත් විරැකියාව ඉහළ ගොස් ඇති බවත් ඔහු පවසනවා.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සිව්වැනි ජනාධිපතිවරයා ලෙස තමන් හැඳින්විය හැකි නමුත් තමාට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක් නොමැති බව පෙන්වා දෙන ජනාධිපතිවරයා පවසන්නේ පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක සහාය තමන්ට හිමිව ඇති බවයි. කෙසේ නමුත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහයෝගය ලබාගෙන රට ගොඩනැගීම තමාගේ අරමුණ බවත්, ඒ වෙනුවෙන් සෑම උත්සාහයක්ම ගැනීමට තමා පසුබට නොවන බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan