රාජපක්ෂවරුන් තනතුරුවලින් ඉවත් වෙච්ච එක වැරදියි – පොහොට්ටු මහලේකම්

Date:

රාජපක්ෂවරුන් මේ රටේ බලයට පැමිණියේ ජනතාවගේ ඡන්දයෙන් මිස බලහත්කාරයෙන් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

“මගේ පුද්ගලික මතයත් අපේ පක්ෂයේ බහුතරයකගේ මතයත් තියෙන්නෙ රාජපක්ෂවරු ඒ තනතුරුවලින් ඉවත් වෙච්ච එක වැරදියි කියලායි. මේ රටේ 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දීලා ජනාධිපතිවරයෙක් පත් කළාම ඒ ජනාධිපතිවරයා ඉවත් කිරීමේ අයිතිය තියෙන්නෙ ඒ 69 ලක්ෂයේ ජනතාවට මිසක් පාරට බහින ලක්ෂයක් විතර ජනතාවකට නෙවෙයි. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අගමැතිවරයා විදියට පත්කරනවා කියලා ජනතාවගෙන් ඡන්දය ඉල්ලුවාම තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ජනතාව ලබාදුන්නාම එතුමාව අගමැති තනතුරින් ඉවත් කළ එක වැරදියි කියන තැනයි අපි ඉන්නෙ. මේ රටේ රාජපක්ෂලා බලයට ආවෙ ජනතාවගේ ඡන්දයෙන් මිසක් බලහත්කාරයෙන් බලයට ඇවිල්ලා නෑ. අපි පක්ෂයක් හැටියට ඉදිරියටත් ජනතාව ඉදිරියට යනවා. අපේ දැඩි විශ්වාසයක් තියෙනවා අදටත් මේ රටේ අති බහුතරයක් ජනතාව සිටින්නේ රාජපක්ෂවරුන්ගේ ජාතික දේශපාලනය මේ රටට අවශ්‍යයයි කියන ස්ථාවරයේ”

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (06) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...