*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

සාහිත්‍ය මාසයේ සුවඳට ඉව අල්ලන්නන්ට කවියට ජීවන සුවඳ කැටි කරපු “කේ කවි”

මැත කාලයේ සිට අනුර කේ ව සන්නස්ගලගේ චැනලයෙන් සමාජගත කර ඇත්තේ අත සහ පය බිදුණු ලේඛකයා හැටියටය.එහෙත් අනුර කේ එදිරිසූරිය නම් වූ ඔහුගේ ලේඛණ කලාවේ සළකුණ කවියය.පළමු කවි ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ද අනුර ය.එය “සුළැඟිලි ලකුණ” නම් විය.

ඉතාම බර දේ හදවතට මතට සරලව දහ සුඟමව හදවත මතට අත අරින්නට ඔහුට ඇති නිරායාස හැකියාව පුදුමය.ඒ නිසාම ඔහුගේ කවිය අපූර්වත්වයේ සංඛේතයක්ය.ලේක් හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතේ විශේෂංග කුතුවරයාව මෑතක් වන තුරුම සිටි අනුර,විවධ ලේඛකයෙක් ලෙස පත්තර කඩදාසිවල නොරැදී වෙනත් මාධය හරහා සමාජගත වුව ද,ඔහුගේ අපූරුම මාධ්‍ය ව කවිය කොළ ගොඩක පොකුරු ගැසී එළියට නෑවිත් වසර 20 ක් ම ගෙවිණ.

සමහර විට ඔහු කවියෙක් ලෙස වර්ථමානයට අමතක වී යන තරමටම ආගන්තුකව වන තරම් වූ එම නිහඬතාවය බිඳෙන මොහොතක් එළැඹීමම ඔහුගේ කිවයට පෙමු බැඳි සාහිත්‍ය රසකාමීන්ට ප්‍රහර්ශයකි.එසේම අලුත් පරම්පරාවට කවියේ වචන හරඹ අලුත් මානයකට පාර පෙන්නීමකි.

කවියෙක් ලෙස අනන්‍යතාවයක් ගොඩ නඟා ගත් මො.ල.සෙනවිරත්න දැන් නිරන්තරයෙන් හමුවන්නේ පොත් පිට කවරවලදී ය.ඔහුගේ සාහිත්‍යමය හැකියාව සාහිත්‍යමය වතවල්වලට ඇන්දෙන සළුවක් වී ගෙවෙන මොහොතක ඔහු අනුරගේ කවි ගතෙහිද සැරසුම් ශිල්පියා ව සිටියි.ඔහු අනුර ගේ කවියක් උපුටා දැක්විමට වඩා අනුර නම් කවි ලකුණ ගැන සිතා යෝජනා කරන අනුර ගේ කවි පොතේ නම K කවිය.එයද මනරම් යෙදුමකි.අනුරගේ කවියක් නොව අනුර කේ නම් පතල කවියාගේ කවීත්වයට හොඳ පිදුමක්ය.

කෙසේ හෝ මේ වන විට අලුත් පාඨක සමාජය අනුර කේ නම් කවිය අලුතින් හඳුනාගන්න පටන් ගන්න මොහොත වන විට වයිරල්ව ඇති සන්නස්ගලගේ යූ ටියුබ් කතා බහේ එන අන්දමට ආබාධිත යැයි හැඟීමක් ඇති කරන කවි ලියන මිනිසෙක්ය.නමුත් අනුර කේ ලංකාවේ සිටින කවීත්වය අතින් සපුරා අනාබාධිත කවියෙක්ය.ඉතාම සියුම් ලෙස මානව සබඳතා සහ දේශපාලනය හරහා නිරෝගීව ගමන් කළ හැකි මහා බර නැති වචන මාලාවකින් පෙනෙන බරටත් වඩා බරක් අතුරන පුදුම හිතවන සුළු අන්දමේ කවි බසක හිමිකරුවෙක්ය.

අනුර කේ ගේ කවිය වසට යන්න නොදීම ද අපූරුය.වසර විස්සක් ඔහු කවි සිතත්,ලෝකයේ නව්‍යතාවත් සමඟ ඉදිරියට ඇවිද ඇත.වැදගත් එයය.අලුත් විය යුතු බව සිතන අනුර කේ මේ පරම්පරාවේ වෙනස්කම දයාර්දයෙන් වැළඳ ගනිමින් ඔයට එරෙහිවන්නන්ට සිය කවියෙන් සෙමින් එහෙත් රිදෙන්නට පහර දෙන්නේය.ඔහු නොදැනෙන තරම් හෙමින් රිදුම ටිකෙන් ටික දැනෙන සේ පහර දෙන්නට උගතෙක්ය.
අන්තර්ජාලයේ සපැමිණිම ගැන බියට පත්ව ඊට එරෙහිවන්නන් ද සිය කවියේ විෂය කරගෙන කරන දාන තට්ටුව කොච්චර බරපතලද කියන්නට තේරෙන්නේ එය නැවත නැවත හිතට රිංගා ඒ මේ අත දඟළන කොටය.
“වෙනසට බියව
දොර මුල්ලේ සැඟවෙන්න

තව පිරිසක් සිටිති
දොරපොලු අරඟෙන
කැමති අයට දී
හණමිටි ගෙනියන්න
ජෙට් වේගයෙන්
යන ගමනට සෙට් වෙන්න”

අනුර නව ආරට බිය නොවන්න සහ ඊට සමාගාමීව පෙරට යමු ලෙස කරන ඇරයුම කරන අපූරුව ඊට හොඳම උදාහරණයකි.ඔහුගේ අලුත් කවි අතර රූපක බවට පත් කරන නව තාක්ෂණ පරම්පරාවේ විද්‍යුත් ව්‍යවහාරය හරි අපූරුය.ඒවා ගාය ඇති ගැටවරයෙක්ගේ ආත්මය බඳුය.මේ සැරිසැරීම ගැන කියන්නට ඇති හොඳම නිර්වචනය මරු ය.
ඒ නිසා “කේ කවි” ඔබට සාහිත්‍ය මාසයේදී හමුවන්නට නියමිත නිරෝගී කවි පොකුරක්ය.එය ඔබේ හදවත පිරිමදින,පහුරුගාන ඔබටම ඔබව කැටපතෙන් බලා ගුණ දොස් හඳුනාගන්න හදපු කවි කණ්නාඩියක් වනු ඇත.හරියටම ඉන්ද්‍රජාලිකයෙක් ඔබට නොදැනෙන්න ඔබේ හදවත ගෙන විස්මිත විදිහට කරන සසැලීම්,දැනීම් සහ විදීම් ගැන අනුර ඔබට දැනෙන පාරක් තනා ඇත.
ඉතිං වසර විස්සකට පසු විවර ටවන කවි අරුමයක පිරුණු රස විඳින්නට අපි පෙළ ගැසෙමු.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan