*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

විශ්ව විද්‍යාලවලට අයදුම් කිරීම සැප්තැම්බර් 14 සිට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විශ්වවිද්‍යාල ප්‍රවේෂය සඳහා අයදුම්කිරීම සම්බන්ධයෙන් ඊයේ (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසා සිටියේ, 2022/23 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාලවලට අයදුම්පත් යොමු කිරීම එළඹෙන සැප්තැම්බර් 14 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ආරම්භ කරන බවයි.

විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් යොමු කිරීම සඳහා සති තුනක කාලයක් ලබා දෙන බවත් , නව පාඨමාලා කිහිපයක් හඳුන්වා දීමට සහ සිසුන් වැඩි ප්‍රමාණයක් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට මෙවර කටයුතු කර තිබෙන බවයි සභාපතිවරයා කියා සිටියේ.

2022 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය සැප්තැම්බර් 4වන දා නිකුත් වූ අතර , මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් දෙලක්ෂ 63,933දෙනෙකු පෙනී සිටි අතර ඉන් 232,797 දෙනෙකු පාසැල් අයදුම්කරුවන් වේ.

විභාගයට පෙනී සිටි මුළු අයදුම්කරුවන්ගෙන් 166,938 දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති අතර , එය ප්‍රතිශතයක් ලෙස 63.3% කි.

මෙම වසරේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට දරුවන් 45,000ක් තෝරා ගැනීමට කටයුතු යොදා ඇති අතර අවම සුදුසුකම් ලැබූ දරුවන්ගේන් 27%ක් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට සුදුසුකම් ලබා ඇති අතර, වෛද්‍ය පීඨය සඳහා 21/22 අධ්‍යයන වර්ෂයේදී බඳවා ගත්තේ සිසුන් 2035 වුවත් මෙවර සිසුන් 2085ක් බඳවා ගනු ලබනවා. එනම් වැඩිපුර දරුවන් 615ක් විශ්වවිද්‍යාල ඇතුළු වීමට අවස්ථාව හිමිවේ.

විශ්වවිද්‍යාල විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ, ඉංජිනේරු පීඨ සඳහා ද වැඩිපුර දරුවන් බඳවා ගැනීමට බලාපොරොත්තු වන බවයි. මේ සියල්ලම ැහා දරුවන්ට ඉඩකඩ ලබා දී ඇති බවය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan