ජනතාව සූරා කන තවත් මගඩියක් මේක – නාලක ගොඩහේවා ( වීඩියෝ)

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දේශීය ආදායම් පනත සංශෝධනය කරමින් විශ්‍රාම වැටුපටත් අධික බදු අය කරමින් ජනතාව සූරා කන තවත් මගඩියක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ නිදහස ගැන තා සභාවේ පැවති පැවැති මාධ්‍ය සාකච්ඡාවකට අද ( 07) දින එක්වෙමිනි .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාලක ගොඩහේවා මහතා ….

විශ්‍රාම අරමුදල් කියන්නේ ලෝකයේ සෑම රටකම වගේ ක්‍රියාත්මක වන සංකල්පයක්. ඒකේ අදහස තමයි වැඩ කරන ජනතාවට විශ්‍රාම ගිය දිනක රටට දරුවන්ට බරක් නොවී ජීවත් වීමට ඔවුන් වැඩ කරනා කාලය තුල මුදලක් උපයා දීම. එය කෙරෙන්නේ මාසිකව වැටුපින් කොටසක් ඉතුරු කරලා. සාමාන්‍යයෙන් සෑම රටකම වගේ සේවා දායකයාත් මේ විශ්‍රාප වැටුපට මාසිකව යම් මුදලක් දායක කරනවා.

අපේ රටේ මෙවැනි විශ්‍රාම අරමුදල් ප්‍රධාන වශයෙන් දෙකක් තිබෙනවා. සේවකයාත් සේවාදායකයාත් දෙදෙනාම දායක වන ‘ සේවක අර්ථසාධක අරමුදල. EPF ‘ හා සේවාදායකයා පමනක් දායක වන ‘ සේවා නියුක්තිකයන්ගේ බාරකාර අරමුදල ETF . ලෝකයේ දියුණු රටවල් සෑම එකකම වාගේ විශ්‍රාම අරමුදල් ගනනාවක් අතරින් තමුන් කැමති අරමුදල තෝරා ගැනීමේ අයිතිය සේවකයාට තියෙනවා. මේ අරමුදල් විවිධ ක්ෂේත්‍රවල ආයෝජනය කොට තම සාමාජිකයාට ඉහලම ප්‍රතිලාභය ලබා දීමට එකිනෙකා සමග තරඟ කරනවා.

ලංකාවේත් මෙවැනි තරගාරීත්වයක් මුල්කාලයේ පෞද්ගලිකව පාලනය උන විශ්‍රාම අරමුදල් අතර තිබුනත් දැන් තිබෙන්නේ රජය මගින් පාලනය කරනා අරමුදල්.ඒ නිසා ජනතාවට සිදුවෙලා තිබෙනවා දෙන දෙයක් ගන්න. සාමාජිකයාට කිසිම හඬක් නෑ මොන ආකාරයේ ප්‍රතිලාභ ලැබෙනවාද කියා තීරණය කරන්න. මෙන්න මේ අරමුදල් තමයි අද රජය තමන්ගේ ප්‍රශ්ණ විසඳා ගන්නට අවභාවිතා කරන්නේ.

ජය මේ පනත හරහා විශ්‍රාම වැටුප් මත බද්ධ 14% සිට 30 % දක්වා වැඩි කරනවා. නමුත් වැඩ කරන ජනතාවගෙන් කී දෙනෙක් මේ ඉහල බදු කාණ්ඩයට අයත් වෙනවාද ? රටේ බදු ගෙවන ජනතාවගෙන් බහුතරයක් රුපියල් ලක්ෂයකට හෝ දෙකකට වඩා අඩුවෙන් බදු ගෙවනා අයයි. ඒ අය මාසිකව ගෙවන්නේ 12% ක පමණ බද්දක්. නමුත් දැන් රජය ඔවුන්ගේ විශ්‍රාම වැටුපෙන් 30% ක් බදු අය කරන්න යනවා.

මෙය මොන තරම් අසාධාරණද ?

මේ පනත හරහා රජය උත්සාහ කරන්නේ සේවක අර්ථ සාධක අරමුදල හෝ වෙනත් විශ්‍රාමවැටුප් අරමුදලක් විසින් ආයෝජනය කර ඇති මුදල් සියල්ලම මේ ආකාරයට ප්‍රතිව්‍යුහගත කරණ බැඳුම්කර බවට හරවා ගැනීමටයි. මුලින් කීවේ ඒ සඳහා සහභාගී වෙනවාද නැද්ද යන්න ඒ ඒ විශ්‍රාම අරමුදල් වලට ස්වෙච්චාවෙන් ගන්න පුලුවන් තීරණයක් කියායි. නමුත් රජයට අවශ්‍ය බලහත්කාරයෙන් මෙය කරවා ගන්නටයි.

ඒ නිසා තමයි රජය කියන්නේ ප්‍රතිව්‍යුහගතකරනයට දායක වන අරමුදල් වලට බද්ද 14% යි නැත්නම් බද්ද 30% දක්වා ඉහල දානවා කියා. කොටින්ම කියනවා නම් ස්වේච්චාවෙන් තීන්දුව ගන්න කියා ඔලුවට පිස්තෝලයක් තියෙනවා. 30% ක අධික බද්ධක් ගෙවන්න බැරි නිසා සියලූම විශ්‍රාම අරමුදල් වලට සිද්ධ වෙනවා අකමැත්තෙන් වුනත් රජයේ දේශීය ණ‍ය ප්‍රතිව්‍යුහගතකරනයට දායක වෙන්න. ඒකේ ප්‍රතිපලය තමයි වාර්ශිකව අරමුදලට ලැබෙන ප්‍රතිලාභ 9% දක්වා අඩු වීම.

මේ ප්‍රතිලාභත් 14% බද්ධට යටත්. ඊට අමතරව අරමුදල පවත්වාගෙන යන වියදමුත් අඩු කරලා තමයි ප්‍රතිලාභියාට ලැබෙන්නේ. මේ විදියට හඬක් නැති වැඩකරන ජනතාව මංකොල්ල කෑමේ ප්‍රයත්නයට එරෙහිව අපි චන්දය භාවිතකරනවා “

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...