*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

රත්නපාලයන්ගේ “රණබිමක පන්හිඳ” තුළින් මට දැනුණු රහ!

සටහන – නිපුනි ලියනගේ
සැප්තැම්බර් 08, (LNW) කොළඹ:
පත්තර රස්සාව ඇඟෙන් ම ආ දායාදයක් කරගෙන හරි රහට බස හසුරවමින් යුධ බිමේ තතු කැටිකර “රණබිමක පන්හිඳ” ඔබ හා මට කියවා බලා එහි හරය කුමක්දැයි දැන ගැනීමට අවස්ථාව ලබා දුන් ඔහු නමින් “රත්නපාල ගමගේ” ය. කෙටියෙන් හැඳින්වූවොත් ඔහු ලංකාදීපය පුවත්පතෙහි සේවය කළ අග්‍රගන්‍යයේ මාධ්‍යවේදියෙක්. පාඨකයා සතුටු කරවීමේ කලාව මෙන්ම, ඔවුන් තමාගේ ලිවීමේ කලාවට ඇඳ ගන්නේ කොහොමද? යන බුද්ධිය ප්‍රයෝජනයට ගනිමින් ඔහු කළ මෙම නිර්මාණයට අපි ස්තූතිය පුද කර සිටින්නෙමු!

තවත් කල් නොමරා අපි කතාවේ රහ තැන් කෙටියෙන් විමසමු!

කලාවට බර ඕනෑම කෙනෙකු මට සිළුටු මාතෘකා පස්සේ ගියාට රත්නපාලයන් ගියේ වෙඩි උණ්ඩවල රැඳුණු සිදුවීම් උලුප්පා ගැනීමටය.
“ජීවිතය කටු අත්තකි. එහි ඵලය මල් ඉත්තකි.” කීවාට යුධ පිටිය නම් කටු අත්තට ගිය රත්නපාලයන් නෙලා ගත් මල් ඉත්තක් ලෙස මෙම ‘රණබිමක පන්හිඳ’ නිර්මාණය වීම හැඳින්විය හැකිය.

තිස් වසරක කුරිරු යුද්ධය අවසන් වුවත් එහි තිබූ අඳුරු පැතිකඩ මෙන්ම ඒ අන්ධකාර දිනයක් මතක් වනවිට අදටත් ඇඟ කිලිපොලා යනවා නොඅනුමානය. ඒ තරම්ම ඒ ලේ ගැලූ දිනයන් හරිම විඩාබර මතකයන් අවුස්සනු ඇත.

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ එම බිහිසුණු දශක තුන තුළ විවිධ අංශයන් ගේ තොරතුරු සහ යුද මැදිහත් වීම් පිළිබඳ ප්‍රබල සන්ධිස්ථාන පිළිබඳව හරි ලස්සනට එකිනෙක විස්තරාත්මකව ඉදිරිපත් කර තිබීම අපට පමණක් නොව ඉදිරි පරම්පරාවට ද අගනා බුද්ධිමය දේපලකි. යුද්ධය පිළිබඳව බොහෝමයක් පදනම් වී ඇත්තේ 1980 සහ 1990 දශකවලදී සිදුවූ සිද්ධීන් දාමය වටාය. විශේෂයෙන්ම ත්‍රස්තවාදයට එරෙහිව සිදුකළ මෙහෙයුම්වල විශේෂ කතා ඇතුළත් වීම ඔබ නොදත් මානය කරා ඔබව රැගෙන යනු ඇත.

මේ සියල්ල ගත් කළ පොතේ අන්තර්ගතය වී ඇත්තේ යුධ පිටියේ සිදුවන සහ සිදුවුණු අත්දැකීම්, යුද මහා වීරයන්ගේ කැපවීම්, ඔවුන්ගේ ලේ දහදිය හෙළූ ඇත්ත තත්ත්වය, නායකත්ව ගුණාංග, ඔවුන් ගත් යුධ ක්‍රියා මාර්ග සහ එම කාලයේ රට තුළ මතුවුණු විවිධ තත්ත්වයන් පිළිබඳ විස්තර රාශියක් සපයනු ලබයි.

ඔබ අතනදී මේක සිදු වුණා, අරක සිදු වුණා කියලා කීවට ඔබ නොදත් දෑ බොහෝය. ඔවුන් මොන මොන ප්ලෑන්ස් වලට අනුව ද වැඩ කරේ, ඔවුන්ගේ ඉලක්කය තක්කෙටම හරි යෑමේ සම්භාවිතාවයන්, එකිනෙකා අතර පැවති අදහස් හුවමාරු කතා බහ, රණ ශූරයන් ශූරයන් වීමට හේතු සාධක, ඔවුන්ගේ ත්‍යාගශීලීත්වය, ඔවුන්ගේ ප්‍රතිපත්ති සහ වෘත්තික හැසිරීම ආදිය හරි රහට ගැබ් කර මෙම නිර්මාණය පාඨකයා අතට ලබා දීම හරිම අගනේය.

2001 වසරේ සිදු වූ ඛේදනීය සිදුවීම් අතර රටේ ආර්ථික අංශයට මෙන්ම සංචාරක ව්‍යාපාරයට පහරක් වූ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල වුණු ප්‍රහාරයද පොතේ වැදගත් සිදුවීම් අතර වූවකි. ශ්‍රී ලංකා ගුවන් යානා සහ ත්‍රස්තවාදීන් අතර මුහුණලා ඇතිවූ ආක්‍රමණයක් ලෙස මෙය සලකණු ලබන අතර එහිදී බොහෝ ගුවන් යානා විනාශ වී, විශාල අලාභ හානි මෙන්ම ජීවිත හානි ද සිදු ම්ලේච්ඡ සිදුවීමක් විය. නමුත් එහි වාර්තාකරණයට ගිය මෙතුමා ආරක්ෂක පවුරු නොතකා තම රාජකාරිය දේව කාරිය කරගත් හැටි මනාව පෙන්වා දෙයි.

එමෙන්ම ‘ජයසිකුරු’ මෙහෙයුම (1997–1998) අතර කාලය තුළ සිදු වූ සුවිශේෂී මෙහෙයුමකි. පොතට අනුව විස්තර වන්නේ, මෙම විශේෂ මෙහෙයුම තුළ එල්.ටී.ටී.ඊ. ග්‍රහණය කරගත් පළාත් මුදාහරිනු සඳහා ශ්‍රී ලංකා හමුදාව සිදුකළ තීරණාත්මක පියවරක් ලෙස මෙය හැඳින්විය හැකි බවයි.

ගාමිණී දිසානයකයන් ජීවිතක්ෂයට පත් වූ එම මිනීමරු බෝම්බ සිදුවීම ද ඔහු එහි තාත්විකව ගැබ්කොට එම සිදුවීම සිදු වූ අවස්ථාවේදී මාධවේදියෙකුට එහා ගිය ලෙස රත්නපාල ශූරීන් ක්‍රියා කළ අයුරු ද මෙහි ගැබ් කොට තිබේ.

මාධ්‍යවේදියා කියන නමට හරි තේරුමක් ලබා දීමට ඔහු හරි අමාරු කට්ටක් කා ඇති බවනම් සැබෑවය.

යුධ බාධක මධ්‍යයේ තම ජීවිතය පසෙකින් තබා ඔහු තම මාධ්‍ය ජීවිතයට කළ කැපවීම මිල කළ නොහැකිය.

මෙම පොතෙහි එක් පිටුවක “බංකරයක රැයක්” යනුවෙන් පරිච්ඡේදයක් ඇත. එය කියවූ මටනම් හැඟුනේ මාද බංකරයක මෙට්ටයක් උඩ උඩුබැලි අතට නිදාගෙන ලක්ෂයක විතර පඩියක් අරන් ගෙදර යන්න ය. ඒත් පඩියට වඩා ජීවිතය මට අගය වන බව පසක් විය. ඔවුන් කළ සේවයට ඒ මුදල ද හරිම සොච්චමකි.

මුළු රටම ගිනිබත් කළ ප්‍රභාගේ කළු ජූලිය, 1983 ජූලි 23 ඔහු පළි ගැනීමේ චේතනාව උඩුදුවමින් ප්‍රහාරයක් දියත් කළේ ය. මෙය පමණක් නොව සිදුවීම් රාශියක් ඇති කරමින් සිදු වූ 83 ජූලි කලබලය ලංකා ඉතිහාසයේ මහත් කළු කඩඉමක් පසු කරමින් යුද්ධයේ ආරම්භය ද සනිටුහන් කෙරිණි.

එතනින් නොනැවතී කළු කොටි මුළින්ම කොළඹ යකා නැටූ හැටි සිට
ප්‍රභාගේ වැඩකිඩ සියල්ලේම ඇතුළාන්තය ඔබට දැන ගැනීමට හැකිය.

තවත් තැනක ඔහු, ඔහුගේ මාධ්‍ය ජීවිතය තුළ කම්පනයට පත් වූ සිද්ධියක් ද සඳහන් කර තිබුණේ ය. ඒ බලපිටිය රෝහලේ දී අම්මා කෙනෙකු මියගොස් සිටීමත් එවිට ඇගේ මුහුණේ තිබුණු සෝචනීයභාවයත් ඔහුගේ සිත වේදනාවට පත් කළ හෙයින් එය කිසිදා අමතක නොවනු ඇතැයි ඔහු ප්‍රකාශ කර තිබිණි.

යුධමය වාතාවරණයන්, සාධාරණය වෙනුවෙන් හඬනැඟීමත්, ජීවිත අත්දැකීම් වල රහ පාඨකයාට ලබා දීමට රත්නපාලයන් කළ මේ මෙහෙවර ඔහු අනෙක් අයවලුන් සමඟ බෙදා ගැනීමට කළ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස “රණබිමක පන්හිඳ” කෘතිය එළි දැක්වීම මහත් කර්තව්‍යයකි.

ඔබ වැනි වීරෝධාර මාධ්‍යවේදීන් හරි අල්පය.

ස්තූතියි!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan