මේ පාර තරුණ රැල්ල කාටද ?

Date:

සාමාන්‍යයෙන් මැතිවරණවලදී ‘තරුණ උපනති සකස්කරන්නන්’ (young trend-setters) විසින් එම චන්දයේ දිශානතිය තෝරනවා කියල පොදු පිළිගැනීමක් තියනවා. ඇමෙරිකාවේ බැරක් ඔබාමා දිනනකොට ඒ චන්දෙ පිටිපස්සේ මේ තරුණ උපනතිය තිබ්බ. බිල් ක්ලින්ටන්ටත් මේ නැඹුරුව තමන්ගේ පැත්තට හරවා ගන්න පුළුවන් උනා.

මේ තරුණ ප්‍රජාව තමන් වෙත දිනාගන්න කොට ඔබාමාගේ වයස 47ක් උනා සහ ක්ලින්ටන්ගේ වයසත් (46) තරමක් ඒ හා සමාන උනා. ජස්ටින් ට්‍රුඩෝ පත්වෙන කොට වයස 52. ජසින්ඩා 37යි.

තව සති දෙකකින් ලංකාවේ යෙදෙන දැවැන්ත ජනාධිපතිවරණයේ චන්ද උපනතිය තීරණය කිරීමේදී මේ තරුණ ජනකොටසේ බලපෑම තවමත් මනින්න බැහැ වගේම එයාල දිනාගන්න තරමක බැරෑරුම් වැඩසටහනක් කාටවත් ඇතිබවක් පේන්නෙත් නැහැ. මේක මම මීට කලිනුත් කියල තියනවා.

මට හිතෙන්නේ ලංකාවේ ඉතාම තීරණාත්මක දේශපාලන දිගහැරීමක් වෙච්ච අරගලය වෙනුවෙන් සහභාගී වෙච්ච තරුණ ප්‍රජාව (වයස 20-30 අතර) එයාලගේ දෙමව්පියන් වෙනස් කරන්න හදනවා වෙන්න පුළුවන්.

එහෙම නැත්නම් තරුණ ප්‍රජාවේ උපනතිය මොකක් උනත් ලංකාවේ දකුණ අරගලයේ අභිලාශ එක්ක තවදුරටත් තමන්ගේ මුහුණුවර වෙනස්කර ගනිමින් තරුණ වැඩිහිටි දෙකම එක්ක ඉදිරියට යනවා වෙන්නත් පුළුවන්.

කොහොමත් අරගලයෙන් පස්සේ දේශපාලනය අපි හැමෝටම වෙනස්. අපි හැමෝම වෙනස්. 22 උදේ වෙනකොට ඒක අපි හැමෝටම තේරෙයි.

අරගලය එක්ක හමාගිය දේශපාලන සුළගේ සමාජ බලපෑම තේරෙන්නේ 22දාට.

ප්‍රථම වතාවට දේශපාලනය විසින් මිනිස්සු පාවිච්චි කිරීම වෙනුවට මිනිස්සු විසින් දේශපාලනය පාවිච්චි කරන්න පටන්ගනීවි.

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැදෙන ගස්

නිශ්මං රණසිංහ නොවැම්බර් 21, කොළඹ LNW: අවුරුදු 15 න් පහළ...

ඔබාමාගේ මැතිවරණ ව්‍යාපාරයට කරන ලද නීති විරෝධී පරිත්‍යාග හේතුවෙන් ෆියුගීස් රැප් ගායක ප්‍රාස්ට වසර 14 ක සිර දඬුවමක් නියම කෙරේ,

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ග්‍රැමී සම්මානලාභී...

ගෝල්ෆේස් අරගලය මර්දනය කළේ ප්‍රජාතන්ත්‍රවාදීවයි. අරගලයේ ඉල්ලීම් තුනම දුන්නා – රනිල්

සටහන - රුවන් නෙළුගොල්ල 2022 වසරේදී තමන්ගේ පාලනය තුළ ගෝල්ෆේස්...

පකිස්ථානය ඇෆ්ගන් සටන්කරුවන් 23 දෙනෙකු ඝාතනය කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පාකිස්ථානය විසින්...