කමිඳු යළිත් බර ඇඳීමේ වගකීමට හවුල් වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 08, (LNW) කොළඹ :

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන තෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමා වන විට පළමු ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 211 ක් ලබා ගෙන සිටිනවා.ඒ එංගලන්ත කණ්ඩායම පළමු ඉණිමට රැස් කළ ලකුණු 325 ට පිළිතුරු වශයෙන්.කඩුල්ලේ නොදැවී සිටින නායක ධනංජය ද සිල්වා (64) සහ කමිඳු මෙණ්ඩිස් (54) මේ වන විට කඩුලු 5 ක් ලකුණු 93 ට බිඳ වැටී තිබූ ශ්‍රී ලංකා ඉණිම යම් තරමකින් ස්ථාවර කරමින් සිටින අතර මේ වන ශ්‍රී ලංකාව කඩුලු 5 ක් අතැතිව එංගලන්තයට වඩා ලකුණු 114 ක් පමණක් පසුපසින් සිටිනවා.

ඒ අතරින් කමිඳු මේ තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා තමන් බව යළිත් සනාත කරමින් ලකුණු අතරට පිවිසෙමින් අර්ධ ශතකයක් ලබා කැපී පෙනෙන ඉණිමක් දියත් කරමින් මිටින අතර,තරගයේ දී නිශාන් මධුශ්ක වෙනුවට ඉණිම ආරම්භ කිරීම සඳහා කැඳවන ලද පැතුම් නිශ්ශංක ලකුණු 64 ක් රැස් කරන්නට සමත් වුණා.මෙහිදී ලකුණු 211 ක් වන ශ්‍රී ලංකා ලකුණු පූවරුවට මේ වන විටත් අර්ධ ශතක තුනක් එකතුව තිබීමෙන් පැහැදිළි වන්නේ සෙසු පිතිකරුවන් දක්වන අසාර්ථකත්වය යි.

මේ තරගයේ දී එංගලන්ත ඉණිම ද පැහැදිළි කළේ එයමයි.පළමු දිනයේ දී නොදැවී කඩුල්ලේ රැදී සිටි නායක ඔලී පෝප් ලකුණු 103 ක් ලබා සිටියා.ඒ වන විට දැවී ගොස් සිටි කඩුලු 3 අතරෙන් බෙන් ඩකට් ලකුණු 86 ක් එක් කර තිබුණා.ඊයේ දවසේ දී එම ලකුණු 221 ට තවත් ලකුණු 104 ක් එකතු වෙද්දී එංගලන්තයට ඉතිරි කඩුලු 7 ම අහිමි වෙනවා.පෝප් ලබා සිටි ලකුණු 103 ට තවත් ලකුණු 51 ක් එක් කරන අතර ලකුණු 325 දී එංගලන්ත ඉණිම නිමාවට පත් වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් අතරින් සාර්ථකම පන්දු යවන්නා වූයේ මිලාන් රත්නායකයි.කඩුලු 2 ක් දවා ගත්තත් ලහිරු කුමාර පන්දු ඕවර් 16 ක ට එංගලන්ත පන්දු යවන්නන් පන්දු ඕවරයකට ලකුණු 6 ට වඩා දළ ලකුණු වේගයක් පවත්වා ගනිමින් ලකුණු 97 ක් ලබා ගත්තා.විශ්ව ප්‍රනාන්දු ලකුණු 46 ට කඩුලු 2 ක් දවා ගත් අතර මේ වන විට ශ්‍රී ලංකාවේ මද වේග පන්දු යවන්නන් අතරින් කැපී පෙනෙන අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් දවා ගෙන සිටියේ ලකුණු 88 ක ට යි.නායක ධනංජය ද සිල්වා ලකුණු 18 ට කඩුුලු 2 ක් දවා ගත් අතර එම පන්දු යැවීම සහ ලහිරුගේ පන්දු යැවීම තුළින් සංඥා කරන්නේ ඉවත් කරන ලද ප්‍රභාත් ජයසූරියට මේ කණ්ඩායම තුළ ඉඩක් තිබෙන බව යන්න අපේ හැඟීමයි.

එංගලන්ත කණ්ඩායමේ නිත්‍ය දඟ පන්දු යවන්නා වන සොහිබ් බසීර් මෙන්ම ඩෑන් ලෝරන්ස් ද පන්දු යවන විට පන්දුවේ දඟ කැවීම හොඳින් සිඳවන බවක් දකින්නට ලැබුණු අතර කාසියේ වාසිය ලබා එවැනි තණතීරුවක දග පන්දු යවන්නෙක් ද නොමැතිව තරගයට පිවිස සිටින ශ්‍රී ලංකාව සිව්වන ඉණිමට පන්දුවට පහර දෙන්නට සිඳුවන අයුරින් තීරණයක් ගැනීම ගැටළුකාරි එකක් වෙනවා.

පහත දැක්වෙන්නේ මේ තරගයේ ලකුණු පූවරුව මේ දක්වා ක්‍රියාත්මක වූ ආකරය නැරඹීමට හැකි සබැඳියයි. https://es.pn/4ebbCd2

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...