මැක්‍රොන්ගේ නව අගමැතිට විරෝධය පල කරමින් ප්‍රංශය පුරා විරෝධතා

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් එරට නව අගමැති ලෙස මධ්‍යම දක්ෂිණාංශික දේශපාලනඥයෙකු වන මිචෙල් බාර්නියර් පත් කිරීමට විරෝධය පල කරමින් ඊයේ(07)දිනයේ ප්‍රංශය පුරා 100,000 කට අධික ජනතාවක් විරෝධතා පවත්වා තිබේ.

පසුගිය ජුලි මාසයේ හදිසියේ පැවති මැතිවරණයෙන් වාමාංශික කන්ඩායම – නව ජනතා පෙරමුණ (NPF) – විශාලතම අසන සංඛ්‍යාවක් දිනාගත් නමුදු එම පක්ෂයේ අගමැති අපේක්ෂකයා වන ලුසී කැස්ටෙස්ව ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා කෝපයට පත් වෘත්තීය සමිති සහ NPFසාමාජිකයින් විසින් මෙම විරෝධතා කැඳවා තිබිණි.

73 හැවිරිදි බාර්නියර් මහතා යුරෝපා සංගමයේ හිටපු ප්‍රධාන බ්‍රෙක්සිට් සාකච්ඡාකරු වන අතර 2016 සහ 2019 අතර එක්සත් රාජධානියේ රජය සමඟ සාකච්ඡා මෙහෙයවණු ලැබූ පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයකු වේ. දක්ෂිනාංශික රිපබ්ලිකන් (LR) පක්ෂයේ ප්‍රවීණයෙකු වන ඔහු ප්‍රංශයේ සහ යුරෝපා සංගමය තුළ විවිධ ජ්‍යෙෂ්ඨ තනතුරු කිහිපයක්ම හොබවා තිබේ.

විරෝධතා මධ්‍යයේ නව රජයක් පිහිටුවීම කෙරෙහි නව අගමැතිවරයාගේ අවධානය යොමුව ඇති අතර වාමාංශිකයින් ඇතුළු දේශපාලන වර්ණාවලිය පුරා සිටින දේශපාලනඥයින් සමඟ රජයක් පිහිටුවීමට තමා විවෘත බවයි ඔහු සඳහන් කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...