පදක්කමක් නැතත් ඉහළම දක්ෂතාවය

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 08, (LNW) කොළඹ :

පැරිස් පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ එෆ් 63 යගුලිය ඉසව්වෙන් තරග කළ පාලිත බණ්ඩාර එම ඉසව්වේ පස්වන තැනට පත් වුණා.පාලිතට මෙහිදී පදක්කමක් අහිමි වුණ ද සිය හොඳම පෞද්ගලික දක්ෂතාවය මීටර් 14.51 ක් දක්වා රැඟෙන යාමට හැකි වුණා.


ටෝකියෝ පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී මීටර් 13.40 ක දක්ෂතාවයක් දැක් වූ පාලිත මෙවර ඔහුගේ ඉසව්ව තුළ වර්ධනය මොනවට ඔප්පු කරමින් වීසි කිරීම් හයෙන් පහක්ම මීටර් 14 න් එපිට රඳවන්නට සමත් වුණා.පස්වන වීසි කිරිම පමණක් මීටර් 13.91 ක් ලෙස සටහන් වුණා.

මේ සමග පාලිත තරගයේ දී සිය උත්සාහයන් හය තුළ දැක් වූ දක්ෂතාවයන් දැක්වෙන ඡායාරූප සටහනක් ද පැරිස් පැරා ඔලිම්පිත් නිල වෙබ් අඩවියෙන් ගෙන සකසා ඡායාරූපයක් ලෙස දක්වා තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...

මහකන්නයට දියවර:ලහි ලහියේ වැඩ අවසන් වෙන බදුල්ලේ වාරි පද්ධති! (PHOTOS)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:"දිට්වා" පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ...

වැටී නැගිටින නුවරට වැටී නැගිටින පාඩමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: මේ මොහොත තවමත් වැටුණු...

මෙරට මාර්ග පද්ධතිය පිළිබද ඔබ දැනුවත්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ජනාතාවට ...