දහස් ගණන් ප්‍රංශ නව අගමැතිට විරෝධය පළකරමින් වීදි බසී!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ප්‍රංශයේ නව අග්‍රාමාත්‍යවරයාට විරෝධය පළකරමින් දහස් ගණනක පිරිසක් විරෝධතාවල නිරතවන අතර, ප්‍රංශ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මධ්‍ය දක්ෂිණාංශික දේශපාලනඥයෙකු වන මිචෙල් බාර්නියර් පත් කිරීමට විරෝධය පළකරමින් මෙම විරෝධතා සංවිධාන කර ඇත.

එම විරෝධතා සඳහා ප්‍රංශය පුරා ලක්ෂයකට අධික පිරිසක් සහභාගීවී සිටි බවයි බී.බී.සී පුවත් සේවය සඳහන් කරන්නේ.ප්‍රංශයේ වාමාංශික කණ්ඩායමක් වන නව ජනතා පෙරමුණ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත් පසුබිමක මෙම පත්කිරීමට විරෝධය පළ කිරීම සිදුවේ.

ඔවුන් ඉදිරිපත් කළ අගමැති අපේක්ෂකයා ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි දෙපාර්ශ්වය අතර මත ගැටුම් ආරම්භ වුයේ. විරෝධතා සඳහා ප්‍රංශයේ නව ජනතා පෙරමුණේ පාක්ෂිකයින් හා වෘත්තීය සමිති රැසක් එක්ව සිටී.කෙසේ වුවද වාමාංශික පක්ෂ ඇතුළු සියලු දේශපාලන පක්ෂ සමඟ එක්ව රජයක් පිහිටුවීමට තමා සූදානම් බව නව අග්‍රාමාත්‍ය මිචෙල් බාර්නියර් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕස්ට්‍රේලියානු රජය වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි.

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව ප්‍රථම...

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති පැල් රකිමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග...

අයිස් හා හෙරොයින් සිද්ධිය: සජබ සාමාජිකයාට පක්ෂයෙන් තහනමක්!

කොළඹ LNW: දකුණු මුුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන ඊයේ (20)...

DIMO වෙත එක්වූ නටාෂා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : ඩීසල් සහ මෝටර්...