*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

එම්.ඒ සුමන්දිරන් අනුරගේ ප්‍රකාශය ගැන කියන දේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08, කොළඹ (LNW):

කිලිනොච්චියේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්, උතුරේ ජනතාව ඉල්ලා සිටින වෙනසට දකුණ තවමත් කොටස්කරුවන් නොවී සිටීම කනගාටුදායක බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා කියයි.

ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා යාපනයේ පැවැති ජන රැළියකට එක්වෙමින් ඉකුත්දා සිදු කළ ප්‍රකාශය ජාතිවාදි යැයි තමන් විශ්වාස නොකරන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ඊයේ දිනයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක යාපනයේදී කතා කරන විට වෙනසක් සම්බන්ධයෙන් සහ දකුණේ ජනතාව වෙනසකට සූදානම් වන අවස්ථාවක උතුරේ ජනතාව එහි කොටස්කරුවන් නොවී ඉන්නවා කියලා වගේ අදහසක් කියලා තිබුණා. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් විරෝධයක් ගොඩනැගෙමින් ති‌‌බෙනවා.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාම ඔහු දිවුරුම් දෙද්දී මේ වගේ කතාවක් කියලා තිබුණා. උතුරේ ජනතාව මගේ ජයග්‍රහණයේ කොටස්කරුවන් වුණේ නැහැ කියලා දුක්වෙමින් කිව්වා. එයාව ජනාධිපති කරපු අයම එයාව පන්නා දැමුවා. ඒ වෙලාවේ දැනගෙන ඇති, උතුරේ ජනතාව දුරදක්නානුවන හරි කියලා.

වෙනස ගැන කතා කරද්දී, අපිත් වෙනස පිළිගන්නවා. නමුත් අපේ ජනතාව ඉල්ලන වෙනස අවුරුදු 70කට වඩා වැඩි කාලයක් තිස්සේ කියනවා. අපේ දුක දකුණේ ඉන්න අය ඒකේ කොටස්කරුවන් නොවී ඉන්න එකයි. එයාලාගේ හිත කොයි වෙලාවේ වෙනස් වෙයි ද? කියන ප්‍රශ්නය තියෙනවා. අනුර කුමාර දිසානායකව හොඳින් දන්න කෙනෙක් හැටියට, ඔහු මේක ජාතිවාදී ප්‍රකාශයක් විදිහට කියලා නැතිව ඇති කියලා විශ්වාස කරනවා. මේ අවාසනාවන්ත සිදුවීමක්. මේක ජාතිවාදි ප්‍රකාශක් නොවේ කියලා මම විශ්වාස කරනවා. අපේ ජනතාව බලාපොරොත්තු වන වෙනසත් මේ රට තුළ ස්ථාපිත කරන්න ඔනේ.

ඔහු දින්නත්, පැරදුණත් ඒකට අපිට සහාය වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔහු දින්නත්, පැරදුණත් ඔහු කියන වෙනස ඇති කරන්න අපිත් සුදානමින් තමා ඉන්නේ. රටේ වංචාව වැනි කරුණු තුරන් කරන්න ඔනේ කියන මතයේ අපිත් ඉන්නවා.”

පසුගිය හයවැනිදා යාපනයේ පැවැති ජනරැළියට එක්වෙමින් ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මෙලෙස අදහස් පළ කළා.

“දකුණේ වෙනසක් සඳහා ජනතාව පෙළගැසී තිබියදී ඒ වෙනසට එරෙහි වන්නන් බවට ඔබ පත් වුණොත්, කුමන මනෝභාවයක් දකුණේ ජනතාව තුළ ස්ථාපිත වෙයි ද කියලා හිතන්න. ඒ වෙනසට එරෙහි වූවන් ලෙස ඒ වෙනසට විරුද්ධ වූවන් ලෙස යාපනය හඳුන්වන එකට ඔබ කැමැති ද.? උතුරු හඳුන්වන එකට ඔබ කැමැති ද? මම ඔබට නැවත සහතික කරන්නම්. අපි ජයග්‍රහණය කරනවා. හැබැයි ජයග්‍රහණයේ පංගුකරුවන් බවට පත් වෙන්න. ඊට එරෙහි වූවන් ලෙස ඔබ පත්වෙන්න එපා.”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan