ජනපතිගේ මඩකලපු රැළියට ජීව උණ්ඩයක් රැගෙන ආ අයෙක් අත්අඩංගුවට!

0
380

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08, කොළඹ (LNW):

මඩකලපුව, සන්දිවේල් ප්‍රදේශයේ දී අද (08) පෙරවරුවේ ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවති ජන රැළියකට පැමිණි පුද්ගලයෙකු සතුව තිබී ජීව උණ්ඩයක් සොයා ගැනීමට ජනාධිපති ආරක්ෂක අංශය සමත්ව තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ අදාළ පුද්ගලයා සන්දිවේල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත්,ජන රැළිය සඳහා රනිල් වික්‍රමසිංහ පැමිණීමට සුළු වේලාවකට පෙර සිදුකළ සෝදිසියක දී සැකකරුගේ පසුම්බිය තුළ තිබී ජීව උණ්ඩය සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි වාකරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් ය.

මීට අවුරුදු තුනකට පෙර මාර්ගයක තිබී සොයාගත් ජීව උණ්ඩය තමා පසුම්බියේ තබාගෙන සිටි බව පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සන්දිවේල් පොලීසිය මගින් සිදුකරන බව වාර්තා වේ.