2029 නියත ජනපති මෙන්න!

Date:

කොළඹ LNW:2029 දී නියත ජනපති නාමල් රාජපක්ෂ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

විවිධ හේතු මත සර්වජන බලය, සමඟි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වූ බොහෝ දෙනෙක් නැවත පොහොට්ටුව වෙත පැමිණ ඇති බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”අපේ එකම බලපොරොත්තුව 2029 නාමල් රාජපක්ෂ මහත්තයා මේ රටේ තරුණ ජනාධිපතිවරයා හැටියට මේ රටේ ජනාධිපති පුටුවේ වාඩි කරවන්න. මීට පෙර අපේ පක්ෂෙත් එක්ක හිටපු යම් යම් හේතූන් නිස සර්වජන බලවේගය සමඟ එකතු වුණු, සජබ එක්ක සම්බන්ධ වුණු, එක්සත් ජාතික පක්ෂයත් එක්ක සමබ්න්ධ වුණු ගොඩක් දෙනෙක් අද අපිත් එක්ක සමබන්ධ වුණා. පුද්ගලික චරිතවලට වඩා අපි නිතරම හදන්නේ ප්‍රතිපත්තියක්. මහින්ද රාජපකෂ කියන්නේ මේ රටේ සංස්කෘතියක්. එතුමා ගාව තියෙනවා දේශීයත්වය මුසු වෙච්ච සංස්කෘතියක්. ඒකට තමයි අපි ආදරේ. ජාතිකත්වය මුසු වෙච්ච සංස්කෘතියක්.රටට, දැයට, ජාතියට, ආගමට ආදරය කරන නායකයෙක්. ඒ ආදරණීය වීරෝධාර නායකයාගේ පුතා තමයි නාමල් රාජපක්ෂ. නාමල් රාජපක්ෂ කියලා කියන්නේත් මේ රටේ මහ දැවැන්ත ශක්තියක් අපිට. රටවාසි සියලු දෙනාට ආරාධනා කරනවා 2029 නියත ජනාධිපති නාමල් රාජපක්ෂ ” යනුවෙන් තිස්ස කුට්ටිආරච්චි මහතා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රසන්න රණවීරට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අද (08)...

අපි භාරගත්ත රාජ්‍යයේ තරම දැන් ඔබට පේනවා ඇති!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා රටට ගෙනවිත් තිබෙන රසායනික...

විදර්ශන සාහිත්‍යයේ කාන්තා ඇගයීම්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW: විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සඳහා...