අපි භාරගත්ත රාජ්‍යයේ තරම දැන් ඔබට පේනවා ඇති!

Date:

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා රටට ගෙනවිත් තිබෙන රසායනික ද්‍රව්‍ය පිළිබඳ පරීක්ෂණ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන යුහුසුළුව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ ආණූආ පවතී රාජ්‍ය යාන්ත්‍රණය තුළ එවැනි රසායනික ද්‍රව්‍ය පවා රටට ගෙන ආ හැකි තත්ත්වයක් පැවති ඇති බව දැන් පෙනෙන්නට ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

”ඔබට පේනවා ඇති අපි භාරගත්ත රාජ්‍ය යාන්ත්‍රණයේ මේ ආකාරයේ අයිස් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය පවා ගෙන්වීමට හැකි ලෙස සමහර තනවල ඉඩ තිබිල තියෙනවා. ඒවා අලුතෙන් ඇතිවෙච්ච දේවල නෙවෙයි. අවුරුදු ගණනාවක් තිස්සේ ආණ්ඩුවල අනුග්‍රහය සහිතව කෙරිච්ච දේවල්. ඒකාලේ හිටපු ඇමතිවරු සහ නිලධාරීන් සමහර කෙනෙක් මේවා නොවූණා වගේ බලන් ඉඳලා තියෙනවා. මොකද බලාගෙන යනකොට මේගොල්ලන්ගේ තියෙන දේශපාලන සම්බන්ධය මත ඒ ඇමතිවරු ආණ්ඩු ඒවාට ඉඩකඩ දීලා බලා හිටියේ ඇයි කියන එක ගැන අපි පුදුම වෙන්නේ නැහැ. නමුත් මේ ආණ්ඩුව ඇවිල්ල තියෙන්නේ විශේෂයෙන් මේ රටේ දරුවෝ විනාශ කරන මත් ද්‍රව්‍ය ඇතුළු අපරාධ වළක්වන්න. ඒකට සහය දෙන පාතාලය මර්දනය කරන්න. ඒවගේම ඒකට තියෙන දේශපාලන සම්බන්ධතා හෙළිදරව් කරලා ඒ අය නීතිය හමුවට පමුණුවන්න.” යනුවෙන් අමාතයවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාතාලයේ අක්මුල් නෑර ඔක්කොම හොයාගෙන ඉවරයි. දැන් සුද්ධ කරන්න පටන් අරන් තියෙන්නෙ – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට පාතාලයේ අක්මුල් නෑර සියල්ලම සොයාගෙන...

ගෝඨාභයට සහ රනිල්ට එරෙහි පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර!

කොළඹ LNW:දේශගුණ විපර්යාසවලින් ජනතාව පීඩාවට පත්වීම අවම කිරීම සඳහා...

ජේරුසලමේ වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජේරුසලමේ අද(08)...

ප්‍රසන්න රණවීරට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අද (08)...