ඉටුනොවූ යුක්තියේ පසුවිපරම – නිමලරාජන් ඝාතනයේ නඩු වාර්තාව එළිදක්වයි! (PHOTOS)

Date:

කොළඹ LNW: ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී නිමලරාජන් මෛල්වාගනම්ගේ නඩු විභාගයේ වාර්තාව එළිදැක්වීම අද (08) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුවිය.

ඉටුනොවූ යුක්තියේ පසුවිපරම ලෙස එම වාර්තාව නම් කර තිබුණු අතර මාධ්‍යවේදීන්, දේශපාලන නියෝජිතයින් සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් එය සංවිධානය කර තිබුණි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී හා සිවිල් සමාජ ක්‍රියාකාරිනි මන්දනා සමයිල් අබේවික්‍රම, මුරසු පුවත්පතේ කතෘ එන්. විද්‍යාධරන්, අනිද්දා පුවත්පතේ කතෘ කේ. ඩබ්ලිව්. ජනරංජන හා තවත් මාධ්‍යවේදීන් හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් කිහිපදෙනෙක් එහිදී අදහස් පළකළහ.

අතුරුදහන්වුවන්ගේ පවුල් එකමුතුව විසින් එය සංවිධානය කරන ලදී.

මාධ්‍යවේදී නිමලරාජන් මෛල්වාගනම් 2000 ඔක්තෝම්බර් 19 වැනි දින නාදුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් ඔහුගේ නිවසේදී ඝාතනය විය.

ඔහුගේ ඝතනය සම්බන්ධයෙන් මෙරට අධිකරණ පද්ධතිය ප්‍රතිචාර දැක්වූ ආකාරය මෙම වාර්තාව මඟින් විශ්ලේෂණය කර ඇති අතර ඝාතන සිද්ධියට අදාළ සැකකරුවන් ඇප මත නිදහස් කරන ලද 2021 නොවැම්බර් දක්වා නිල අධිකරණ වාර්තා පිළිබඳව සවිස්තරාත්මකව උක්ත වාර්තාවේ දක්වා තිබේ.

සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන මාස ගණනක්, වසර ගණනක් රඳවා තබා ගැනුණද වඩාත් දේශපාලනික ප්‍රතිවිපාක ඇති පුද්ගලයින්ට රටින් පලා යාමට අවසර දී තිබුණු අතර නිමලරාජන්ගේ ඝතනය සම්බන්ධයෙන් කිසිවෙකුට චෝදනා එල්ල නොවුණි.

ඒ අනුව මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන නිසිපරිදි සිදුනොවුණ අතර ඔහුට යුක්තිය ඉටුවීමක් සිදුනොවීය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපායමාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි – ජනපති

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අපකීර්තියට...

රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...

ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...