ශ්‍රීලනිපයේ බහුතරය මෛත්‍රීට කොකා පෙන්නා රනිල් සමග එක්වෙයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 07 දෙනෙකු අද (08) දිනයේදී රාජ්‍ය අමාත්‍ය තනතුරුවල දිවුරුම් දී තිබේ.

ඒ, ජගත් පුෂ්පකුමාර, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ශාන්ත බණ්ඩාර, කාදර් මස්තාන්, සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක යන මන්ත්‍රීවරුන් ය.

මීට පෙර පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් දෙදෙනෙකු වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ද කැබිනට් අමාත්‍යවරුන් වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයට එක්වී තිබිණි.

ඒ අනුව දැනට පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටින්නේ දයාසිරි ජයසේකර, දුෂ්මන්ත මිත්‍රපාල, අංගජන් රාමනාදන්, ෂාන් විජයලාල් සහ දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් පමණි. එහෙයින් පැහැදිලිවම ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ බහුතරය දැනටමත් මෛත්‍රීපාල සිරිසේන මහතාව අත්හැර දමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව ඇති බව පෙනේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...

විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ...

Taavi ලක්මව රනින් සරසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ නැගී...