කංසා අපනයනයෙන් ලබන වසරේ විශාල ඩොලර් ආදායමක් ගේන්න පුළුවන් වෙයි – ඩයනා (VIDEO)

Date:

අපනයනය සඳහා කංසා නීතිගත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඒ ඔස්සේ ලබන වසරේදී විශාල ඩොලර් ආදායමක් රටට උපයා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පවසයි.

“ජනතාවට සහනයක් ලැබෙන්න ඉතින් අපි රටට ඩොලර් ගේන්නම ඕනෙ. මොකද ජනතාවට අවශ්‍ය බඩු භාණ්ඩ ගන්න, බඩු මිල පහළ දාන්න, මේ ඔක්කොම කරන්න නම් මේ රටට විදේශ විනිමය නැතිව තියෙන්නෙ, අපි ණය ගෙවාගන්න බැරුව ඉන්නෙ, ඒ හින්දා ඒක ගේන ක්‍රමයක් තමයි හදන්නෙ. ඒකත් එක්ක තවත් මගේ තියෙනවා ව්‍යාපෘති යෝජනා – මම අලුතින් කියන්න ඕනෙ නෑ, මගේ අර මීට ඉස්සෙල්ලාත් කියපු අපනයනය සඳහා කංසා නීතිගත කිරීම. ඉතින් ඒකටත් මම වැඩපිළිවෙලක් හදාගෙන යනවා. ඒක තුළින් මම විශ්වාස කරනවා ලංකාවට ලබන අවුරුද්ද වෙනකොට විශාල මුදලක් රටට ගේන්න පුළුවන් වෙයි කියලා”

ප්‍රශ්නය – ලැබුණු තනතුරත් එක්ක ඒක කරන්න පුළුවන් වෙයිද ?

“අනිවාර්යයෙන්ම පුළුවන් වෙයි”

ඩයනා ගමගේ මහත්මිය මේ බව පැවසුවේ අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගනිමින් ඉන්නවා – නාමල්

කොළඹ LNW:ආණ්ඩුව තමන්ගේම වල තමන් විසින්ම කපා ගනිමින් සිටින...

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...