චීනය ණය ප්‍රතිව්‍යූහගත කරන්න අකමැති හේතුව – රටවල් 165 කට බිලියන 843 ක් ණය දීලා !

Date:

මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දැඩි උත්සාහයක් දරමින් සිටිනවා. මෙරටදී මෙන්ම IMF මූලස්ථානයේදීද ඊට අදාල සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ නමුත් තවමත් එම උත්සාහය සාර්ථක වී නොමැත.

මුල්‍ය අරමුදල පවසන්නේ ණය සහන ලබාදීමට නම් ශ්‍රී ලංකාව විදෙස් රටවලින් සහ මුල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යූහගත කළයුතු බවයි. කෙසේ නමුත් ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ණය සහකරුවා වන චීනය ඇතුළු පාර්ශ්ව රැසක් තවමත් එකඟ වී නොමැත.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාව ඇතුළු ණය ලබාගෙන ඇති රටවල් රැසක් චීනයෙන් ණය සහන ඉල්ලා තිබෙන බවයි. මේ නිසා ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් නැවත වරක් සිතා බැලීමට සිදුවන බවද රොයිටර් වාර්තා කරනවා.

ණය කොන්දේසි පිළිබඳව හා ණය ගෙවීමට නොහැකි රටවල් සමග එකඟතාවයකට පැමිණෙන්නේ කෙසේදැයි ප්‍රසිද්ධ නොකරන ලෝකයේ ප්‍රධානතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වන චීනයට මෙම තත්වය තුළ නව අභියෝගයක් මතුව ඇති බවද රොයිටර් වාර්තාවේ සඳහන් වේ.

2000 වසරේ සිට 2017 වසර දක්වා චීනය ලෝකයේ රටවල් 165 කට ලබා දී ඇති සමස්ත ණයවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 843 කි. මෙම ණයවලින් පොලී රහිත ණය ප්‍රතිශතය 05% කට වඩා අඩු වේ.

චීනය විසින් අප්‍රිකානු රටවල් 17 කට අවස්ථා 23 කදී ලබා දී තිබූ පොලී රහිත ණය කපාදමා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : යාල ජාතික...

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...