ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:ඉන්දීය ආරක්ෂක අමාත්ය රාජ්නාත් සිං තෙදින නිල සංචාරයක් සඳහා අද (08) දිවයිනට පැමිණීමට නියමිතයි.
ඒ හේතුවෙන් අද සිට මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක් ක්රියාත්මක බව පොලිසිය නිවේදනය කරන අතර ඒ අනුව ඉන්දීය ආරක්ෂක අමාත්යවරයා කටුනායක ගුවන්තොටුපළේ සිට කොළඹ අධිවේගී මාර්ග ඔස්සේ කොළඹට පැමිණෙන කාල සීමාව තුළ අවට මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරෙනු ඇති.
හෙට (09) දිනයේ දී ඉන්දීය ආරක්ෂක අමාත්යවරයා විශේෂ වැඩසටහන් කිහිපයකට සහභාගී වන බැවින් ගාලු මැදපාර, බත්තරමුල්ල අපේ ගම පරිශ්රය , ඉන්දියන් සාම හමුදා ස්මාරකය ආශ්රිත මාර්ගවලද විශේෂ රථ වාහන සැලැස්මක් ක්රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
එමෙන්ම ඉන්දීය ආරක්ෂක අමාත්යවරයා පාර්ලිමේන්තුවට ද පැමිණීමට නියමිත බව සඳහන්.


