හිටපු පොහොට්ටු මන්ත්‍රීට සිරදඬුවම්

බීමතින් යතුරුපැදියක් ධාවනය කිරීම ඇතුළු වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සිරදඬුවම් නියම කර තිබේ.

බීමතින් යතුරුපැදියක් ධාවනය කිරීමට අමතරව රක්ෂණ සහතිකයක්, ආදායම් බලපත්‍රයක් සහ රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදිය ධාවනය සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී ඇත.

එසේම 2018 වසරේ සිට විවිධ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැවති නඩු විභාගවලදී වරින්වර අධිකරණය මඟහැර තිබීම හේතුවෙන් ඔහුට එරෙහිව මීට පෙර වරෙන්තුවක් ද නිකුත් කර ඇති බව සඳහන්.

පොලීසිය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගම්පොළ මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා නියෝග කර තිබුණේ ඔහුට මාස දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් 75,000ක දඩයක් පැනවීමටයි.

මෙම හිටපු මන්ත්‍රීවරයාට සිරදඬුවම් නියම වීමෙන් පසු ගම්පොළ ප්‍රදේශ කිහිපයක ජනතාව රතිඤ්ඤා දල්වා තිබුණු බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...