” විෂ නිවාරණ සතිය “

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ පසුගිය දශක දෙක තුල විෂ වීම් නිසා රෝහල් ගත වන රෝගීන් සංඛ්‍යාව වර්ධනය වන බවත් පෙන්නුම් කරයි. මේ අතරින් නොදැනුවත්ව විෂ ශරීර ගත වන අවස්ථා රාශියක් තිබෙන බව තහවුරු වී ඇත. නොදැනුවත්ව සිදුවන විෂ වීම් වළක්වා ගැනීම පිණිස ජනතාව දැනුවත් කිරීම සඳහා ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය මෙවර විෂ නිවාරණ සතිය සැප්තැම්බර් 11-17 දක්වා පැවැත්වීමට කටයතු යොදා ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සංඛ්‍යාලේඛණ අංශය විසින් නිකුත් කළ දත්ත වලට අනුව විෂවීම් සඳහා වැඩි ප්‍රවණතාවයකින් භාවිතා වී ඇත්තේ ගෘහස්ථ විෂ ද්‍රව්‍ය වේ. ඖෂධ විෂවීම් හා කෘමිනාශක විෂ වීම් දෙවැනි හා තුන්වැනි ස්ථාන ගනී. කොළඹ ,ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ දත්ත වලට අනුව විෂ වීම් වලට අදාළව හිතාමතා සිදු වන විෂවීම් සංඛ්‍යාව 70% ක් වන අතර අනපේක්ෂිත විෂ විම් සංඛ්‍යාව 30%කි. මේ අතරින් අනපේක්ෂිත විෂ වීම් බහුල වශයෙන් වාර්තා වී ඇත්තේ වයස අවු.1-3 අතර කුඩා ළමුන් අතරය. එය 46% කි. වයස අවු.4-14 අතර 35%කි. වයස අවු. <1 ළමුන් අතර 4% කි. තවද මෙම විෂ විම්වලින් 99% ක්ම හදිසි විෂ වීම්ය.

නොසැලකිලිමත් කමින් නිවසේ ඇති ඖෂධ වර්ග, පළිබෝධනාශක, පොහොර, ගේදොර පිරිසිදුකාරක,භූමිතෙල්, මදුරු විකර්ශක, බොත්තම් බැටරි, සැනිටයිසර් ,අගෘහාශ්‍රිත විෂ සහිත ශාක වැනි ද්‍රව්‍ය වලින් විෂවීම් සිදුවිය හැක. කුඩා ළමුන්ට ළඟාවිය හැකි ස්ථානවල තැබීමෙන් මෙම විෂවීම් සිදුවේ. නිවසේ ඇති මෙම ද්‍රව්‍ය කුඩා ළමුන්ට ළඟාවිය නොහැකි ස්ථානවල සුරක්‍ෂිතව තැබීමට පවුලේ සියලු සාමාජිකයන් වග බලාගත යුතුය.මේ නිසා බොහෝ පිරිසක් විවිධ සංකූලතා නිසා රෝහල් ගත වීම් මෙන්ම මරණයට පත්වන අවස්ථාද ඇත.

https://drive.google.com/drive/folders/1G-fgj3poDkOhxa-nQbk3oJXqfRGvYctI?usp=drive_link

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...