සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): අත්තනගලු ඔයේ ජල මට්ටම අවධානයෙන් පසුවිය යුතු මට්ටමේ පවතින බව නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාඅර්මේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසයි..
ගම්පහ කඩවත ප්‍රදේශ වලට ඊයේ දවස පුරා ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් එහි ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින අතර, මේ වනවිට අත්තනගලු ඔයේ ජල මට්ටම මීටර් 3.90 ලෙස සටහන්ව තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය වැඩිදුරටත් පවසන්නේ, අත්තනගලු ඔයේ දූනමලේ ජාල මාපකයේ අගය 4.40ක් දක්වා වර්ධනය වුවහොත් එය සුළු ගං වතුර තත්ත්වයක් ලෙසද එහි අගය 5.50ක් දක්වා වර්ධනය වුවහොත් මහා ගංවතුර තත්ත්වයක් ලෙසද හඳුන්වන බවයි.
මේ අතර පවතින වැසි තත්ත්වය සමඟ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින අතර තල්ගහගොඩ ජල මාපාංකයේ එහි අගය දැක්වෙන්නේ මීටර් 1.75ක් ලෙසටය. ඒ අනුව එම ප්‍රදේශයට සුළු ගංවතුර තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත. තවද, මේ අතර නිල්වලා ගඟේ ජල මට්ටම පානදුගම ප්‍රදේශයෙන්ද ඉහළ යමින් පවතින අතර එහි අගය මීටර් 5.51ක් ලෙස සටහන් වන අතර එය අවධානයෙන් පසුවිය යුතු මට්ටමක් බවයි වාරිමාර්ග දෙපාඅර්මේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසන්නේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??