ජනපති රනිල්ගේ ගොඩ වැඩිවේ, තවත් පිරිසක් රනිල්ට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09, කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට තම පුර්ණ සහාය ලබා දෙන බව රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජිත පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් අද( 09) පැවසුහ.

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි අලිකාන් ෂෙරිෆ් (Alikhan Sherif , මුසලි ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුබිහාන්(AGH Subihan) යන මහත්වරුන් ඇතුළු මුසලි ප්‍රාදේශීය සභාවෙ හිටපු මන්ත්‍රීවරුන් වන ඒ.ආර්.එම්. රස්මින්, හනීෆ් මක්බූල්, එම්.එච්. එම්. කාමිල් අෂ්-ෂේක් අබ්දුර් රහ්මාන් සහ මුසලි උලමා සභා හිටපු සභාපති එම්. තව්ෆීක් යන මහත්වරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු රැසක් අද (09) කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවී මේ බව ප්‍රකාශ කළහ.

උතුරේ මුසලි ප්‍රාදේශීය සභාවේ එක් මන්ත්‍රීවරයකු හැර සෙසු සියලු දෙනා ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයා වෙත සහාය පළ කිරීමට ඉදිරිපත්ව සිටින බව මෙහිදී පෙන්වා දුන් එම නියෝජිතයන් පසුගිය ආර්ථික අර්බුදයෙන් රට මුදාගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දිය යුතුය යන ස්ථාවරයේ සමස්ත ලංකා මහජන කොංග්‍රස පක්ෂය මුල සිටම සිටි බවත් පක්ෂ නායකත්වය ද එම ස්ථාවරයේ සිටි බවත් පවසා සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...