Tasty Tuesdays: අපේ තාලෙට හැදුණු වන්-පොට් බිරියානි! One-Pot Biryani – A Comforting Feast in a Single Pot

Date:

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන, රෙසිපීස් හැඳෙන හැටි, රෙස්ටුරන්ට් රිවීව්ස්, වයිරල් යන ඩිෂස්, මෙන්ම සංස්කෘතික ආහාර රටාවන් පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. රැඳී සිටින්න අප සමඟ!

සටහන – පුලී

සැප්තැම්බර් 09, කොළඹ (LNW): බිරියානි වල මුසු වූ කුළුබඩු සුවඳ, රසය සහ තෘප්තිය සමඟ තරඟ කළ හැකි කෑම වර්ගයක් නොමැති තරම් ය. සාම්ප්‍රදායිකව ස්ථරගත කර මඳ ගින්නේ පිසින ලද බිරියානිය රස නහර පිනා යන ප්‍රනීත ආහාරයක් කීවොත් මා නිවැරදි ය. නමුත් කාර්යබහුලත්වයත් සමඟ සිටින ගෘහණියක් හෝ කෑම සැකසීම ප්‍රිය ඔබ වෙනුවෙන් ම සැකසුණු ඊසි පීසි බිරියානි රෙසිපියක් ඔන්න අදත් Tasty Tuesdays තුළින් ඔබට ගෙන ඒමට මම සූදානම්!



One-Pot බිරියානිය;

පහසුව ගැන තකා එක බඳුනක මවන මෙම රස ආහාරය බත් සහ කරි වෙන වෙනම පිසීම වෙනුවට, සියල්ලම එකම භාජනයක දමා සකසන ලද්දකි. මෙය කාලය ඉතිරි කරනවා පමණක් නොව, කුළුබඩු, මස් සහ එළවළු වල රසයන් කෙලින්ම අවශෝෂණය කර ගැනීමට සහල් වලට ඉඩ සලසයි. ප්‍රතිඵලය? කටට රසට හරි පදමට මසාලා වලින් පිරී ගිය, සුවඳවත් එක්තරා ආකාරයේ බිරියානියක නිමාවයි.

One-Pot බිරියානියට අවශ්‍ය ද්‍රව්‍ය;

• බාස්මතී සහල් කෝප්ප 2 (සෝදා විනාඩි 30ක් පොඟවා)
• කුකුළු මස් ග්‍රෑම් 500 (හෝ එළවළු, පනීර් හෝ ඉස්සන් වුවද යොදා ගත හැකිය)
• සිහින්ව කපාගත් ලොකු ළූණු ගෙඩි 2
• කැබලි කපාගත් තක්කාලි ගෙඩි 2
• අමු මිරිස් කරල් 3-4
• යෝගට් කෝප්ප 1
• ඉඟුරු-සුදුළූණු පේස්ට් මේස හැඳි 1
• තෙල් මේස හැඳි 3 (හෝ ගිතෙල්)
• නැවුම් කොත්තමල්ලි කොළ

අවශ්‍ය කුළුබඩු;
• බේ කොළ 2
• එනසාල් 4-5
• කරාබුනැටි
• කුරුඳු
• දුරු ඇට තේ හැඳි 1
• කහ තේ හැඳි 1
• රතු මිරිස් කුඩු තේ හැඳි 2
• බිරියානි මසාලා (හෝ ගරම් මසාලා) මේස හැඳි 1
•රස අනුව ලුණු
•සැෆ්‍රන් කිරි හෝ වර්ණක

සකසා ගන්නා ආකාරය;

1. බාස්මතී සහල් අවම වශයෙන් විනාඩි 30ක් සෝදා පොඟවා ගන්න.
2. පිසීමට ගන්නා භාජනයක තෙල් හෝ ගිතෙල් රත් කරන්න. පසුව බේ කොළ, එනසාල්,කරාබුනැටි, කුරුඳු වැනි කුළුබඩු එකතු කරන්න, ඒවා බැඳගන්න. පසුව ඊට ළූණු දමා රන්වන් රන්වන් පැහැවන තෙක් බැදගන්න. අලංකාර කිරීම සඳහා බැදපු ළූණු කිහිපයක් ද පසෙකින් තබාගන්න.
3. මසාලා පේස්ට් එකට අවශ්‍ය ඉඟුරු-සුදුළූණු පේස්ට් එකතු කර සුවඳ එනතුරු බැදගන්න. පසුව තක්කාලි, අමු මිරිස් සහ පෙර බැඳගත් කුළුබඩු එකතු කරන්න.
4. යෝගට් සහ පහේ එක් කර මිශ්‍ර කර සකසා තැබූ කුකුල් මස් ගෙන විනාඩි 10-12ක් පමණ පිසගන්න.
5. පසුව එයට බාස්මතී සහල් එක් කර අවශ්‍ය පරිදි ලුණු දමා පිසඟන්න.
6. බඳුන තද පියනකින් ආවරණය කරන්න. බත් පිසෙන තුරු සහ ජලය අවශෝෂණය වන තුරු මිනිත්තු 15-20ක් අඩු ගින්දරේ පිසඟන්න.
7. බිරියානිය පිස නිමා වීමට පෙර හැඳි මිටක් ගෙන එය කූරු ගා, ඊට බැදපු ළූණු, කජු, කොත්තමල්ලි කොළ හෝ සැෆ්‍රන් වතුර/වර්ණක එකතු කර නැවත වසා තබන්න.
8.අවසානයේ දී එය බඳුනක දමා ඊට අවශ්‍ය රයිතා, මින්චි කොළ සමබෝලයක් සකසා පිළිගන්වන්න.



රසවත් සහ සැනසිලිදායක කෑමක් රස විඳීමට ඔබට මුළුතැන්ගෙයෙහි පැය ගණනක් ගත කිරීමට අවශ්‍ය නොවන බව මෙම වන්-පොට් බිරියානි ‍රෙසිපියෙන් ඔප්පු කරයි. එය සම්ප්‍රදාය සහ ප්‍රායෝගිකත්වය සමතුලිත කරන රසවත් වට්ටෝරුවකි, ඔබේ පවුලේ සැවොම එක්වන රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා අනිවාර්යයෙන්ම උත්සාහ කළ යුතු ආහාරයක් ලෙස මෙය සිහි තබා ගන්න. ඉතින් මේ රසවත් අඟහරුවාදා, ඔබේ මුළුතැන්ගෙය එක් බඳුනකින් කුළුබඩු සහ ආදරයේ නොබිඳිය හැකි සුවඳින් පිරී යාමට ඉඩ දෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...

සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...

“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!

සටහන – පුලී නොවැම්බර් 09, කොළඹ (LNW):සිනමා විශ්වයන් තිර ආධිපත්‍යය...

අය වැය සහ ක්‍රීඩාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වෙන්...