Saturday, June 3, 2023
spot_img

Latest Posts

අපිටත් අමාරුයි, පඩි නැතුව වැඩ කරන්න බෑ, මම නම් පඩි ගන්නවා – සනත් නිශාන්ත

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීම ඊයේ සිදු කෙරිණි.‌ මේ වනවිටත් ඇමතිවරුන් සැළකිය යුතු ප්‍රමාණයක් සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.

රටම අර්බුදයට ගොස්, ආර්ථිකව බංකොලොත් වී, ජනතාවට තුන්වේල සපයාගත නොහැකි තරමට අර්බුදය උත්සන්න වී තිබියදී රාජ්‍ය ඇමති තනතුරු විශාල ප්‍රමාණයක් ලබාදීම සම්බන්ධයෙන් ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. එම විරෝධය සමනය කිරීම සඳහා ආණ්ඩුවේ නායකයන්, මැති-ඇමතිවරුන් ප්‍රකාශ කළේ රාජ්‍ය ඇමතිවරුන් සියලුදෙනා වැටුප් හා දීමනා කිසිවක් ලබා නොගෙන සේවය කරන බවයි. එනිසා ඔවුන් රටට බරක් නොවන බවද පවසා තිබිණි.

කෙසේ නමුත් ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ධුරයේ අද වැඩ ආරම්භ කළ සනත් නිශාන්ත මහතා ප්‍රකාශ කළේ වැටුප් ලබා නොගෙන සේවය කළ නොහැකි බවයි. මැති ඇමතිවරුන්ටද විවිධ ආර්ථික අමාරුකම් තිබෙන බවත්, ඉතාමත් අඩු ආදායම් ලබන ඇමතිවරුන්ද සිටින බවත් පවසන රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඔවුන්ට වැටුප් ලබා නොගෙන ජීවත් විය නොහැකි බවයි.

කවුරුන් කුමන දේ ප්‍රකාශ කළද තමන් වැටුප් ගන්නා බවත්, වැටුප් නොලබා සේවය කරන බවට කිසිදු අවස්ථාවකදී තමන් ප්‍රකාශ කර නොමැති බවත් සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

මැයි මස 09 වැනිදා ඇමති තනතුරු අත්හැරීමට සිදු වූ තමන්ට 09 වැනිදාවකම යළිත් තනතුරු ලබා ගැනීමට සිදුවීම දෛවෝපගත සිදුවීමක් වන බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

UN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.