මොරොක්කෝ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 820 දක්වා ඉහළට (update)

Date:

මධ්‍යම මොරොක්කෝවට බලපෑ රිච්ටර් මාපකාංග 6.8ක ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 820 දක්වා ඉහල ගොස් ඇතිබවත්, අවම වශයෙන් පුද්ගලයින් 672 දෙනෙකු තුවාල ලබා ඉන් 205 දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවත් මොරොක්කෝ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සවිස්තරාත්මක යාවත්කාලීනයක් ලබා දී තිබේ.

භූමිකම්පාව හේතුවෙන් විශාලතම බලපෑම මරකේෂ් නගරයට සිදු වී ඇති අතර භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට උපකාර කිරීමට මොරොක්කෝ බලධාරීන්, හමුදා සහ හදිසි සේවා කටයුතු කරමින් සිටියි. ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩවම සිදුව හෙයින් මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහල යනු ඇතැයි බලාපොරොත්තුවේ.

භූමිකම්පාවෙන් පසු මොරොක්කෝව අවට ජනතාවට ආපසු තම නිවෙස්වලට නොයන ලෙස බලධාරීන් අනතුරු ඇඟවා ඇති බැවින් ඔවුන් එළිමහනේ ජීවත්වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ.


එක්සත් රාජධානියේ විදේශ ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි සිය ටුවිටර් ගිණුමේ සඳහන් කර තිබුණේ, භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට සිය කණගාටුව ප්‍රකාශ කරන බවත්, ඕනෑම ආකාරයකින් මොරොක්කෝවට උදව් කිරීමට එක්සත් රාජධානිය සූදානම් බවත්ය.

සශිකලා මධුෂාණි

ඡයා රූප : අන්තර්ජාලයෙන්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිස්සමහාරාම පොලීසියේ කැබ් රථය උස්සලා ?

තිස්සමහාරම පොලීසියේ ජංගම පොලිස් කැබ් රථය ඊයේ (03) රාත්‍රියේ...

කමිදු ගිය නුවණ දුෂාන් ලවා අද්දයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 03, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරයේ නිරත ශ්‍රී...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක් !

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව අල්ලස්...

කෝටි 31ක මත්ද්‍රව්‍ය ගුවන් තැපෑලෙන් මෙරටට: කූරියර් පාර්සල් 07ක් ලෙස සකස් කර එවලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW : සීදූව ප්‍රදේශයේ පිහිටි...